පේරා බලන්න ලක්ෂ දෙක හමාරක් ඇවිත්
- 2023-07-02 02:34:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
පේරාදෙණිය විශ්ව විද්‍යාලයට වසර 80 ක් සපිරීම නිමිත්තෙන් මහජනතාවට විවෘත දිනයක් වශයෙන් ප්‍රකාශයට පත් කළ දිනයේ එම විශ්වවිද්‍යාලය නරඹීම සඳහා ලක්ෂ දෙකහමාරකට ආසන්න ජනකායක් පැමිණ ඇති බව එම විශ්වවිද්‍යාලයේ මහජන සම්බන්ධතා අංශය පවසයි .
ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ඉතිහාසයේ ප්‍රථම වතාවට පේරාදෙණිය විශ්වවිද්‍යාලය එසේ ජුලි මස 01 වැනිදා මහජනතාවට විවෘත දිනයක් වශයෙන්ප්‍රකාශයට පත් කොට තිබුණි .
පේරදෙණිය විශ්ව විද්‍යාලයේ උප කුලපති මහාචාර්ය එම්. ඩී. ළමාවංශ මහතා පවසා සිටියේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පීඨ 09 නැරඹීම සඳහා යාපනය, මාතර, මඩකලපුව, කොළඹ ආදී මෙරට සතර දිග් භාගයෙන් ජනතාව පැමිණ සිටි බවත් ඔවුන්ගෙන් 99.5% ක්ම ඉතාමත් විනය ගරුකව හැසිරෙමින් විශ්ව විද්‍යාලයේ සංවේදී පරිසර පද්ධතියට හානි නොකර හැසිරී ඇති බවත් ඔවුන්ට තම ගෞරවය පුද කරන බවත්ය .
විශ්වවිද්‍යාල භූමිය මැදින්පොදු මාර්ග දෙකක්වැටී ඇති බවත්විශ්ව විද්‍යාලයේ මෙවැනි විශේෂිත දිනයන්හි දීඑහි ගමන් කරන ජනතාවට යම් අපහසුතාවක්ඇතිවන බවත්ඒ පිළිබඳව තම කණගාටුව පළ කරන බවත්ය .
විශ්ව විද්‍යාලයේ මහජන සම්බන්ධතා අංශය පවසා සිටියේ විශ්ව විද්‍යාලයේ පීඨ අතරින් වෛද්‍ය පීඨය නැරඹීම සඳහා වැඩි ඉල්ලුමක් තිබූ බවත්ජනතාව බොහෝ වේලාවක් එහි පෝලිම් ගැසී නොසිට අනෙකුත් පීඨ නැරඹීමට යොමු වූවා නම් ඔවුන්ට මෙම සුවිශේෂී දිනයේ අග්‍රඵලය නෙලාගැනීමටහැකියාව තිබුබවයි .
විශ්ව විද්‍යාලයේ පුස්තකාලය, සරච්චන්ද්‍ර එළිමහන් රංග පීඨය, කලා පීඨයේ සිසුන්ගේ නිපැයුම්, භූගර්භ විද්‍යා අංශය මගින් ජනතාවට ප්‍රදර්ශනය කළ සුළඟේ වේගය මනින ආකාරයවැනි ක්‍රියාවලි මෙන්මවිශ්ව විද්‍යාලයේඅනෙකුත්පීඨනැරඹීම සඳහාවිසර ගියේ නම්ජනතාවට අපහසු කින් තොරවඑම ස්ථාන නැරඹීමේ අවස්ථාවහිමි වීමට ඉඩ තිබූ බව ද පවසයි .
Reply To:
Name - Reply Comment
0 Comments