බන්දුල පෙතියාගේ වාසභූමිය අභය භූමියක් කිරීමට අනුමැතිය

2025 ජුනි මස 14 ප.ව. 11:04 - {{hitsCtrl.values.hits}}  

බන්දුල පෙතියා මත්ස්‍යයාගේ වාසස්ථානය වන නික්කඳුපොළ ඇළ මාර්ගයේ කොටසක් අභය භූමියක්  ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

 1991 වසරේ හඳුනාගත් බන්දුල පෙතියා මෙරටට ආවේණික දුර්ලභ හා දැඩි ලෙස වඳවී යාමේ තර්ජනයකට මුහුණ පා ඇති මත්ස්‍ය විශේෂයක් වේ.

 රතු දත්ත ලේඛනයට පවා ඇතුළත්ව ඇති මෙම මත්ස්‍යයාගේ ඉදිරි පැවැත්ම සඳහා තර්ජනයක් තිබෙන බවටත් නිරීක්ෂණය වී තිබේ.

සිදුකර තිබෙන ගණනය කිරීම්වලට අනුව දැනට ජීවත්වන මෙම මසුන් සංඛ්‍යාව තුන්සීයක් හෝ ඊට ආසන්න ප්‍රමාණයක් වෙතැයි සැලකේ.

මෙම මත්ස්‍යයන් ගලපිටමඩ ප්‍රදේශයේ  රබ්බඩිගල සිට හපුගොඩ දක්වා ගලා බසින දොළ පහරේ කිලෝමීටර් දෙකයි දශම පහක කොටසක ජීවත්වන බවට හඳුනාගෙන තිබේ.

 එම දොළපාර පසෙක රසායනික පොහොර හා කෘෂි රසායන යොදන කුඹුරු පවතින බවට හා මානව ක්‍රියාකාරකම් බහුලව සිදුවන බවට හඳුනාගෙන ඇත.

 මේ අනුව  අදාළ දොළ පාරේ කිලෝමීටර්  දෙකයි දශම පහක දිගින් යුත් කොටස සහ එම දොළ පාරේ මධ්‍ය රේඛාවේ සිට දෙපසට මිටර් පහළොව බැගින් වනභූමි ප්‍රදේශයක්  අභය භූමියක් ලෙස නම් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

 

 

දින පොත
  • තෙත් බිම්දින තරගාවලිය - 2025 අයදුම් කරන්න වැඩි විස්තර සඳහා විජය ළමා පුවත්පත කියවන්න වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශය වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2025 පෙබරවාරි 2 ලෝක තෙත් බිම් දිනය සැමරීම නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ  සහභාගීත්වය සහිතව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා මධ්‍යම පරිසර අධිකාරිය ඒකාබද්ධව විජය පුවත්පත් සමාගමෙහි මාධ්‍ය අනුග්‍රාහකත්වයෙන් දීප ව්‍යාප්තව පවත්වනු ලබන තෙත් බිම්දින තරගාවලිය - 2025   ලෝකයේ ජෛව විද්‍යාත්මක හාපරිසර විද්‍යාත්මක මෙන් ම ආර්ථික වශයෙන් ද ඉතා වැදගත් ලෙස සැලකෙන තෙත්බිම් පරිසරය ආරක්ෂා කර ගැනීමෙහි ලා ශ්‍රී ලංකාවද පාර්ශ්ව කරුවෙකු වේ Read more...
  • diary Read more...