බස්නාහිර සියලු පාසල් අද විවෘතයි
- 2021-03-29 07:22:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කොවිඩ් -19 වසංගතය හේතුවෙන් වසා දමා තිබූ බස්නාහිර පළාතේ සියලු පාසල් අද (29) දිනයේ සිට යළි විවෘත කිරීමට නියමිතව තිබේ.
කොවිඩ් -19 වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ වසා දැමුණු පාසල් අදියර කිහිපයක් යටතේ විවෘත කළත් බස්නාහිර පාසල් විවෘත කිරීම අවස්ථා කිහිපයකදීම ප්‍රමාද කෙරිණි.
පසුගිය 15 වන දින සිට බස්නාහිර පළාතේ පාසල්වල 5, 11 සහ 13 ශ්‍රේණිවල පංති ආරම්භ කෙරුණු අතර සෙසු ශ්‍රේණිවල පංති අද දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබේ.
පාසල් විවෘත කිරිම සඳහා පසුගිය දා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කළ අතර ඒ අනුව සිසුන් 15ක් දක්වා සිටින පංති සතියේ සෑම දිනකම පැවැත්විය හැකි වේ.
සිසුන් 16ත් 30 අතර සිටින පංති කණ්ඩායම් දෙකකට බෙදා සතියක් හැර සතියක් පැවැත්විය යුතු අතර සිසුන් 30 වැඩි පංති කණ්ඩායම් තුනකට බෙදා සමාන දින සංඛ්‍යාවක් වන සේ පැවැත්විය යුතු බව අධ්‍යාපන අමාත්‍යාංශ නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් කර තිබේ.
කොළඹ අගරදගුරු පදවියට අයත් කතෝලික සභාවේ බස්නාහිර පළාතේ පිහිටි සියලුම පෞද්ගලික සහ ජාත්‍යන්තර පාසල් අප්‍රේල් මස 5වන දා ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments