භූ කම්පනයේ මරණ 5000 ඉක්මවයි

2024 අප්‍රේල් මස 25 ප.ව. 02:23 - {{hitsCtrl.values.hits}}  

තුර්කියට හා සිරියාවට බලපෑ ප්‍රභල භූ කම්පනයෙන් මිය ගිය පිරිස මේ වන විට 5000 සීමාව ඉක්මවා ගොස් තිබේ. මෙයින වැඩිම පිරිසක් ජීවිතක්ෂයට  පත්ව ඇත්තේ තුර්කියේය.

තුර්කියේ මරණ සංඛ්‍යාව අවම වශයෙන් 3,419 දක්වා ඉහළ ගොස් ඇති බව තුර්කිය පවසයි. තුවාල ලැබූ පිරිස 20,534ක් වන අතර කඩා වැටී ඇති ගොඩනැගිලි සංඛ්‍යාව 6,000කට ආසන්න වෙයි.

සිරියාවේ මරණ සංඛ්‍යාව 1,602 දක්වා ඉහළ ගොස් තිබේ. තුර්කියේ ආපදා සහ හදිසි කළමනාකරණ අධිකාරියසිය නවතම යාවත්කාලීනයේ සඳහන් කළේ හදිසි පුද්ගලයින් 24,400 කට අධික පිරිසක් සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා සහාය වන බවයි.

කෙසේ වෙතත් ශීත කාලගුණ තත්ත්වය මේ සඳහා බාධා එල්ල කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය, නේටෝ සහ එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, චීනය, රුසියාව, ඉන්දියාව, ජපානය, ඉරාකය, ඉරානය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ග්‍රීසිය, පකිස්ථානය වැනි රටවල් තුර්කියට අවශ්‍ය සහයෝගය ලබාදෙමින් තිබේ.

දින පොත