Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

විශ්වවිද්‍යාල පද්ධතියෙන් තර්ජනකාරී දේශපාලනය ඉවත් කළ යුතු බවත් දරුවන් නිදහසේ අධ්‍යාපන කටයුතු සිදු කිරීමට නම් විශ්වවිද්‍යාල පද්ධතිය ප්‍රතිසංධාන කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මෙරට පාසල් සහ විශ්වවිද්‍යාල පද්ධතිය කඩාකප්පල් නොකර විධිමත් අධ්‍යාපන ආයතන බවට පත් කළ යුතු කාලය එළඹ තිබෙන බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ මඩකලපුව, පූනානි ප්‍රදේශයේ ඉදිකරන ලද විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය සිසු අයිතියට පත් කිරීම වෙනුවෙන් අද (20) පැවති උත්සවයට එක්වෙමිනි.

සමරු ඵලකය නිරාවරණය කර විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක නිරත වෙමින් සිසු සිසුවියන් සමඟ සුහද කතාබහක ද නිරත විය.

මෙහිදී විශ්වවිද්‍යාලයීය පාලනාධිකාරිය සහ මෙරට උසස් අධ්‍යාපන ආයතන සමඟ අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගැනීම ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ සිදු කෙරිණි.

එසේම විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය සිසු අයිතියට පත් කිරීමට සමගාමීව සමරු මුද්දරයක් එළිදැක්වීමද සිදු කෙරිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය.

හිස්බුල්ලා මැතිතුමාව මම මුලින්ම දැනගත්තේ 1985 වසරේදීයි. එතුමා අද මේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ආරම්භ කර තිබෙනවා. මෙහි තාක්ෂණයට හා විද්‍යාවට මුල් තැන ලබාදී තිබෙනවා. මේ විශ්වවිද්‍යාලය ආරම්භ කළේ අපේ දරු පරපුරට විද්‍යාව සහ තාක්ෂණය දැනුම ලබා දෙන්නයි.

රජයේ අරමුණ වී තිබෙන්නෙත් අප රටේ විද්‍යා සහ තාක්ෂණය දියුණු කිරීමයි. තාක්ෂණය සහ විද්‍යාවෙන් පිරිපුන් පිරිස් අපේ රටට අවශ්‍යයි. මෙම විශ්වවිද්‍යාලය රටට වැදගත් වන්නේ ඒ නිසයි.

අපේ රටේ දරු පරපුරට විද්‍යාව සහ තාක්ෂණය දැනුම ලබාදීමට ගන්නා උත්සාහයට ස්තූතිවන්ත වෙනවා. එතුමා මේ ප්‍රදේශයට කර තිබෙන්නේ විශාල සේවයක්. මේ විශ්වවිද්‍යාලයත් සමඟ නැගෙනහිර පළාතට දැන් විශ්වවිද්‍යාල තුනක් තිබෙනවා.

මෙම ආයතනය ලාභ ලබන ආයතනයක් නෙමෙයි. මේ ආයතනයටත් ලැබෙන අරමුදලින් ඉතිරි වුණොත් ආයතනයේ දියුණුව උදෙසා යොදා ගන්න. අප රටේ පමණක් නොවෙයි ප්‍රතිලාභ නොලබන විශ්වවිද්‍යාල ලෝකයේ තිබෙනවා.

හාවඩ්, ඔක්ස්ෆර්ඩ් , කේම්බ්‍රිජ් වැනි විශ්වවිද්‍යාල ප්‍රතිලාභ නොලබන විශ්වවිද්‍යාල ලෙස හඳුන්වන්න පුළුවන්.

කොතලාවල විශ්වවිද්‍යාලය සහ NSBM හරිත සරසවිය ද ප්‍රතිලාභ නොලබන විශ්වවිද්‍යාල බව කිව යුතුයි.

ඇතැමුන් මේවා උපාධි කඩ වශයෙන් හදුන්වා දෙනවා. එතකොට කේම්බ්‍රිජ්, හාවඩ්, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයත් උපාධි කඩද? ඔය ආකල්පය අරගෙන ඇවිත් තමයි මේ රටේ රාජ්‍ය විශ්ව විද්‍යාල විනාශ කළේ. කෙසේ නමුත් අපි මේවා තව තවත් දියුණු කළ යුතුයි. එදා තිබුණු විශ්වවිද්‍යාල නෙමෙයි අද තිබෙන්නේ. අද විශ්වවිද්‍යාල තුළ සිසු සිසුවියන්ගේ අධ්‍යාපන කටයුතු කඩාකප්පල් කරන කණ්ඩායම් සිටිනවා. එම කණ්ඩායම් ඒකාධිපති පාලනයක් වගේ සිසු සිසුවියන්ව හසුරවනවා. එවන් වූ වාතාවරණයක් තුළ ඉගැන්වීම් කටයුතු කරන ගුරු භවතුන්ට මම ප්‍රශංසා කරනවා.

විශ්වවිද්‍යාල වැනි ආයතනවලට උපාධි කඩ යැයි කියන අසභ්‍ය කතාවලට අප ඇහුම්කන් දිය යුතු නැහැ. දරුවන්ට නිදහසේ ඉගෙන ගැනීමට නම් මේ රටේ විශ්වවිද්‍යාල ක්‍රමය ප්‍රතිසංවිධානය කළ යුතුයි. මම මෙහෙම කිව්ව එක ගැන හෙට ඉඳන් සමාජ මාධ්‍යවලින් මට දොස් පවරන්න පුළුවන්. විශ්වවිද්‍යාලය තුළ දේශපාලනය කරන්න අවශ්‍ය නැහැ.

විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් තර්ජනකාරී දේශපාලනය ඉවත් විය යුතුයි. විශ්වවිද්‍යාලය තුළදී තමන් කැමති පාඨමාලාවක් තෝරා ගැනීමේ අයිතිය සිසුන්ට ලබාදිය යුතුයි. අපේ පාසල් හා විශ්වවිද්‍යාල පද්ධතිය කඩාකප්පල් නොකර විධිමත් අධ්‍යාපන ආයතන බවට පත් කළ යුතුයි.

මෙම විශ්වවිද්‍යාලය දියුණු වුවහොත් අනෙකුත් විශ්වවිද්‍යාල පද්ධතියද දියුණු වෙයි කියා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මෙවැනි තවත් විශ්වවිද්‍යාල ඇතිවනු ඇතැයි අපේක්ෂා කරනවා.

මෙරට උසස් අධ්‍යාපනය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටුකළ ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා වෙනුවෙන් අධ්‍යාපන ආයතනයක් ආරම්භ කිරීමටත් අප බලාපොරොත්තු වෙනවා. තාක්ෂණික විශ්වවිද්‍යාල ඇතුළු අධ්‍යාපන ආයතන හතරක් ආරම්භ කිරීමට රජය කටයුතු කරන බවද පැවසිය යුතුයි.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.