මහනුවර පෙරහරට දින නියම වෙයි
- 2023-07-05 18:18:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහැර අගෝස්තු මස 21 සිට 31 දක්වා සිදු සිදුකිරීමට නියමිතය.
ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ බහුකාර්ය ගොඩනැගිල්ලේ දීදියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාගේ ප්‍රධානත්වයෙන් අද (05) සිදු කෙරුණු පෙරහැර නැකත් එළිදැක්වීමේ රැස්වීමේදී ඒ බව ප්‍රකාශයට පත් කෙරුණි .
අගෝස්තු මස17 වැනි දින පෙරවරු 06.12ටයෙදෙන සුබ නැකතින් සිවු මහා දේවාලයන්හි කප් සිටුවා අභ්‍යන්තර පෙරහැර පැවැත්වීමෙන් අනතුරුව අගෝස්තු මස 21 වැනි දින ප්‍රථම කුඹල් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතය .
ප්‍රථම රන්දෝලි පෙරහැර අගෝස්තු මස 26 වැනි දින විදි සංචාරය කිරීමට නියමිත අතර අවසන් රන්දෝලි මහ පෙරහැර අගෝස්තු මස 30 වැනි නිකිණි පොහෝ දින වීදි සංචාරය කිරීමෙන් අනතුරුව ඊට පසු දින අගෝස්තු මස 31 වැනි දින දහවල් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතය .
මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක මහතා පවසා සිටියේමෙවර පෙරහැර නැරඹීම සඳහා අති විශාල ජනකායක් කන්ද උඩරටට පැමිණෙතැයි බලාපොරොත්තු වන බැවින් 6000කට ආසන්න පොලිස් නිලධාරීන් සංඛ්‍යාවක් ආරක්ෂාව සඳහා යෙදවීමට බලාපොරොත්තු වන බවයි. ත්‍රිවිධ හමුදාව සහ විශේෂ කාර්ය බලකාය මගින් ද අමතර ආරක්ෂාවක් යෙදවීමට බලාපොරොත්තු වන බව ද ඒ මහතා පැවසීය .
Reply To:
Name - Reply Comment
0 Comments