මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකාවේ ශිෂ්‍යත්වය සමතුන් ඇගයේ
- 2025-04-07 10:11:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මාතලේ ශ්‍රී සංඝමිත්තා බාලිකා ජාතික පාසලේ 2024 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ ශිෂ්‍යාවන් ඇගයීමේ උලෙළ මාතලේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ( පාලන), මාතලේ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ සංජය විජයරත්න සහ විද්‍යාලයේ විදුහල්පතිනී ජානකී රත්නවීර මහත්මියගේ ප්‍රධානත්වයෙන් එම විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
සිසු දැරියන්ගේ දැනුම ආකල්ප වර්ධනය වන ගායන,වාදන, නර්තන අංග වලින් විචිත්‍රවත් වූ මෙම උලෙළේදී 2024 වර්ෂයේ ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිට ලකුණු 70 සීමාව ඉක්මවූ ශිෂ්‍යාවන්117 දෙනෙක් ඇගයීමට ලක්වූ අතර කඩයිම් ලකුණු පසුකළ ශිෂ්‍යාවන් 37දෙනෙකු උදෙසා ත්‍යාග සහ සහතික පත් පිරිනැමීම එහිදී සිදුවිය.
විදුහලේ ප්‍රාථමික අංශය භාර සහකාර විදුහල්පති සමිලා හේරත් මිය ඇතුළු ප්‍රාථමික අංශයේ ගුරුභවතුන් සහ දෙමාපියන් මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
Reply To:
Name - Reply Comment
0 Comments