මාදු ගඟේ විතරක් තිබුණු රතමිල්ල බෙන්තර ගඟෙනුත් හමුවෙයි
- 2021-10-22 07:12:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙතෙක් මාදු ගඟට පමණක් සීමාවී තිබූ දැඩිලෙස තර්ජනයට පත් කඩොලාන විශේෂයක් වන රතමිල්ල (Lumnitzera littorea) ශාකය බෙන්තර ගඟ ආශ්‍රිත කඩොලාන පරිසර පද්ධතියෙන්ද මේ වනවිට වාර්තා වී තිබේ.
ඒ අනුව මෙම සොයාගැනීම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ ශිෂ්‍යයෙකු වන මධුශංක, කඩොලාන පර්යේශකයෙකු මෙන්ම පරිසර අමාත්‍යාංශයේ සේවයේ නියුතු ආචාර්ය මනෝජ් ප්‍රසන්න සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සත්ත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මාහාචාර්ය කිත්සිරි රණවන යන පර්යේෂණ කණ්ඩායම විසින් සිදු කර ඇත.
මෙම ශාක විශේෂය ‘Combretaceae’ කුලයට අයත් වන අතර ජලාබුජ පරෝහණය නොපෙන්වන කඩොලාන ශාකයකි. එසේම එය ආසියාතික රටවල සහ උතුරුදිග ඕස්ටේ‍්‍රලියාවේ බහුලව හමුව ඇති නමුත් මානව ක්‍රියාකාරකම් හේතුවෙන් මේ වනවිට වඳවී යාමේ තර්ජනයට ලක්වී ඇත. ඒ අනුව චීනය ඇතුළු ඉන්දු බටහිර පැසිපික් කලාපයේ වඳවීමේ තර්ජනයට ලක්වූ ශාකයක් ලෙස මෙම ශාකය හඳුන්වා දී ඇත.
ශ්‍රී ලංකාවේ ද මෙම ශාකය 1997, 2012 සහ 2020 යන වර්ෂවල ජාතික රතුදත්ත වාර්තාවන්හි දැඩි ලෙස තර්ජනයට ලක්වූ ශාකයක් ලෙස හඳුන්වා දී තිබිණි.
මේ අතර වසර 100කට වඩා පැරණි රතමිල්ල ශාක කිහිපයක් මීට ඉහතදී මෙරටින් හඳුනාගෙන තිබුණද මෙම නව සොයාගැනීමත් සමග වසර 2-20ත් අතර පමණ වයසේ පසුවන ශාක 50ක පමණ ගහණයක් වාර්තා කිරීමට මෙම පර්යේෂකයන් සමත්ව තිබේ. එසේම ඒවා සොයාගන්නා විටද අදාළ ස්ථානයේ තිබූ තවත් ශාක කිහිපයක් කපා දමා තිබී ඇති අතර, ඉතිරි ශාකද අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇති බව පර්යේෂකයන් පෙන්වා දුන්හ.
ඔවුහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා පරිසර අමාත්‍යාංශය එක්ව මෙම ශාක සංරක්ෂණයට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා වූ මූලික සාකච්ඡා මේ වනවිට අරඹා ඇති බවයි.
ජ්‍යෙෂ්ඨ මාහාචාර්ය කිත්සිරි රණවන
ආචාර්ය මනෝජ් ප්‍රසන්න
මධුශංක
Reply To:
Name - Reply Comment
0 Comments