Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

නාවික හමුදා සමාජීය මෙහෙවර ව්‍යාපෘතිය යටතේ, නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකයේ  තාක්‍ෂණික හා ශිල්පිය දායකත්වයෙන් සහ, පෙරේරා සහ පුත්‍රයෝ බේකර්ස් (පුද්ගලික) සමාගමේ මූල්‍ය දායකත්වය මත පොලොන්නරුව, මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කො‍ට්ඨාසයේ පො/කවුඩුල්ල මහා විද්‍යාලයෙහි ස්ථාපනය කෙරුණු 1076 වන ප්‍රතිආශ්‍රැති ජල පිරිපහදු මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කිරීම, අද දින (2025 ජනවාරි 17) සිදු කෙරිණි.

මෙම ජල පිරිපහදු මධ්‍යස්ථානය මඟින් දිනකට ජලය ලීටර් 10000ක් පමණ පිරිපහදු කිරීමේ හැකියාව පවතින අතර, එමඟින් පොලොන්නරුව, කවුඩුල්ල මහා විද්‍යාලයෙහි දූ දරුවන්ගේ මෙන්ම, එම ප්‍රදේශය ආශ්‍රිතව ජීවත්වන මහ ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් සපුරා ගැනීමට හැකියාව ලැබෙනු ඇත.

තවද, මෙම අවස්ථාව සඳහා පෙරේරා සහ පුත්‍රයෝ බේකර්ස් (පුද්ගලික) සමාගම නියෝජනය කරමින් එම සමාගමේ කළමණාකාර, අධ්‍යක්‍ෂ ගිහාන් පෙරේරා මහතා ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් සහ නාවික හමුදාව නියෝජනය කරමින් නාවික හමුදා පුද්ගලයින් පිරිසක් සහභාගී වී සිටියහ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.