මෑත ඉතිහාසයේ වැඩිම මිලක් නියම වූ කහවත්තේ නිල් මැණික
- 2023-08-20 18:34:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
කහවත්ත, කට්ටංගේ ප්‍රදේශයේ මැණික් පතලකින් හමු වූ නිල් මැණිකට මෑත ඉතිහාසයේ වැඩිම මිල වූ රුපියල් කෝටි 43කට වෙන්දේසියේදී අලෙවි කෙරිණි.
'බ්ලූ සැෆයාර්' වර්ගයේ මැණික් ගලක් වූ මෙය කැරට් අනූනවයක් බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරියෙක් පැවසීය.
මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ අධීක්‍ෂණය යටතේ මෙම වටිනා නිල් මැණික කහවත්ත ප්‍රදේශයේදී වෙන්දේසි කෙරුණි. එයට රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රකට මැණික් වෙළෙඳුන් රැසක් සහභාගි වූහ.
කහවත්ත ප්‍රදේශයේ මැණික් වෙළෙන්දෙකු රුපියල් කෝටි 47ක පමණ ලංසුවක් තබා තිබුණද, වෙන්දේසිය පවතිද්දි ඔහු එම මිලෙන් රුපියල් කෝටි හයක් අඩුවෙන් මැණික් ගල ඉල්ලුම් කරන බව පැවසීය.
ඒ අනුව වැඩිම ලංසුව තැබූ පැල්මඬුල්ල ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයෙකුට එම මැණික් ගලේ අයිතිය හිමි විය
පසුගිය සතියේදී කහවත්ත නගරයට ආසන්නව කට්ටංගේ ප්‍රදේශයේ පතලයක මැණික් ගරද්දි මෙම වටිනා නිල් මැණික හමු වී තිබිණි.
පසුගිය කාලයේදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ප්‍රධානියෙකු විසින් ලෝකයේ විශාලතම නිල් මැණික හමු වූ බව පවසමින් මැණික් කර්මාන්තයට හානියක් කළද, රත්නපුර, කහවත්තේ ස්වභාවික නිල් මැණික් සත්‍ය ලෙසම හමුවන බව මෙම මැණික් ගලෙන් ජාත්‍යන්තරයට තහවුරු වූ බව මැණික් ක්‍ෂේත්‍රයේ නිරත අය පවසති.
මෙම මැණික් ගල කපා ඔප දැමු පසු විශාල මිලකට ජාත්‍යන්තරයට අලෙවි වීම රටට අභිමානයක් බවද මැණික් ක්‍ෂේත්‍රයේ නිරත පිරිස් පවසා සිටිති.
රත්නපුර - ලසන්ත නිරෝෂණ පෙරේරා
Reply To:
Name - Reply Comment
0 Comments