Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට අගයක් එකතු කිරීමත්, එහි අනන්‍යතාවය ජාත්‍යන්තරයට ගෙන යාමත්,අදායම් තත්වය ඉහළ නැංවීමත් සහ මෙරට සහ ජාත්‍යන්තර මුද්දර ලෝලීන්ගේ අවදානය වැඩිවශයෙන් දිනාගැනීමත් අරමුණු කර මුද්දර ප්‍රවර්ධන වැඩසටහනක් දියත් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් දැක්වූයේ ශ්‍රී ලංකා නිදහස් මුද්දර ලෝලීන්ගේ සංගමය සංවිධානය කළ තැපැල් සේවාවේ මුද්දර, මුල් දින කවර සහ තැපැල් සේවාවේ ඉතිහාසය නිරූපණය කළ තැපැල් මෙවලම්  ඇතුළත් විශේෂ ප්‍රදර්ශනයක් නැරඹිමෙන් අනතුරුව අදහස් දක්වමින් ය.

එම විශේෂ මුද්දර ප්‍රදර්ශනය  කොළඹ 07, මහජන පුස්තකාල  පරිශ්‍රයේ දී  පසුගිය දා පැවැත්විණි.

මෙහි දී ප්‍රදර්ශනය නැරඹූ  අමාත්‍යවරයා මෙරට තැපැල් සේවාවට වසර දෙසීයයකට අධික ඉතිහාසයක් පවතින බවත්, වර්තමානය වන විට දිවයින පුරා තැපැල් කාර්යාල පන්දහසකට ආසන්න ප්‍රමාණයක් ස්ථාපිත කර ඇති බවත් ඒ තුළින් මෙරට ජනතාවට විශිෂ්ට සේවාවක් සිදුවන බව ද පෙන්වා දුන්නේ ය.

පැවති රජයන් තැපෑලේ උන්නතිය සදහා යම් සේවාවක් සිදු කළ නමුත් වර්තමානය වනවිට තැපෑල් සේවාව පවතින තත්ත්වයට වඩා ඉහළ සංවර්ධනයක් සිදුවිය යුතු බවත්, වත්මන් රජය ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමු කොට කටයුතු කරන බවත්, ඉදිරි වසර දහයක කාල පරිච්ඡේදය ඉලක්ක කර ගනිමින් තැපෑල සංවර්ධනයට විශේෂ වැඩපිළිළෙක් ක්‍රියාත්මක කිරීමට අදහස් කරන බව ද මෙහි දී අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ය.

දිවයින පුරා ක්‍රියාත්මක වන සියලු මුද්දර සංගම් සහ පාසල් මුද්දර සමාජ තැපැල් දෙපාර්තුමේන්තුවේ මුද්දර කාර්යංශයේ ලියාපදිංචි වීම සදහා යම් කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීමේ අවශ්‍යතාවය ද අමාත්‍යවරයා මෙහි දී පෙන්වා දෙන ලදී.

දිවයින පුරා ස්ථාපිත තැපැල් කාර්යාලවල වත්මන් තත්ත්වය නිරීක්ෂණයට ලක් කර එම  පළාත් සහ ප්‍රදේශවලට යෝග්‍ය සහ අනන්‍ය වු සම්පත් හා පහසුකම් කේන්ද්‍ර කර ගනිමින් තැපැල් සේවාවේ ඉදිරි සංවර්ධන කටයුතු දියත්කිරීම සැලසුම් කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත්  පැවසීය.

මෙම වැඩසටහන යටතේ අමාත්‍යවරයා පසුගියදා දකුණු පළාතේ තැපැල් කාර්යාල පරිශ්‍ර නිරීක්ෂණයකට ලක්කල අතර අදාළ අංශවලට ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව උපදෙස් ලබා දීම ද සිදුකරනු ලැබී ය.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.