මෙරටට ආවේණික නව කෙතළ විශේෂයක් සිංහරාජයෙන් සොයා ගනී
- 2025-02-25 18:05:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවට ආවේණික නව කෙතල විශේෂයක් ලෝක උරුම සිංහරාජ වනාන්තරයෙන් සොයා ගෙන ඇති අතර, ඒ අනුව මෙරටට ආවේණික කෙතල විශේෂ සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් තිබේ.
පර්යේෂක ඉන්ද්‍රඛීල මාදොළ මහතාගේ පශ්චාත් උපාධි පර්යේෂණයට අදාළව ඔහු ඇතුළු පර්යේෂණ කණ්ඩායමක් විසින් මෙම සොයාගැනීම සිදුකර ඇති අතර, නව විශේෂයLagenandra rubra ලෙස නම් කර ඇත.
ශ්‍රී ලංකාවේ Lagenandra ගණයට (කෙතල) ශාක විශේෂ 14ක් මින් පෙර වාර්තා වී තිබූ අතර, ඉන් 13ක් ආවේණික විය. ඒ අනුව මෑත කාලයේ සිදුකරනු ලැබූ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස නව විශේෂ 5 සහ වඳ වී ගොස් ඇතැයි සැලකූ L.erosa විශේෂය නැවත සොයා ගැනීමට හැකිව තිබේ. එසේම මෙම නව සොයා ගැනීමත් සමග මෙරට තුළ හමුවන කෙතල විශේෂ සංඛ්‍යාව 15 දක්වා ඉහළ යන අතර, වාර්තා වූ නවතම ශාකය වන Lagenandra rubra ශාකය ශ්‍රී ලංකාවට පමණක් නොව සිංහරාජ වනාන්තරයටද ආවේණික වූවක් බව පර්යේෂක ඉන්ද්‍රඛීල මාදොළ මහතා ‘අද’ ට පැවසීය.
මෙම විශේෂයේ පුෂ්පය රතු - මෙරුන් පැහැයක් ගන්නා අතර, එම වර්ණය නිරූපණය වන ලෙස එය නම් කර ඇති අතර, ලතින් භාෂාවෙන් rubra ලෙස හඳුන්වනු ලැබේ. එසේම ශාක විශේෂ පිළිබඳ පළමු තොරතුර ආචාර්ය හිමේෂ් ජයසිංහ මහතා විසින් මාදොළ මහතාට ලබා දී ඇත. ඒ අනුව මහාචාර්ය කපිල යකන්දාවල සහ මහාචාර්ය දීප්ති යකන්දාවල යන අයගේද සහභාගීත්වයෙන් වැඩිදුර අධ්‍යයන කිරීමේදී නව විශේෂයක් ලෙස හඳුනාගෙන තිබේ.
Reply To:
Name - Reply Comment
0 Comments