Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මේ දිනවල දහවල් කාලයේ පවතින දැඩි හිරු රශ්මිය මිනිස් සිරුරට අහිතකර බැවින් ජනතාව ඒ පිළිබඳව දැඩි සැළකිල්ලකින් සිටිය යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව සිය අදහස් දක්වමින් උපුල් රෝහණ මහතා වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

‘‘මේ දිනවල දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අධික හිරු රශ්මියක් පතින වන බවක් දක්නට තිබෙනවා.මෙම තත්ත්වය එළිමහනේ වැඩ කටයුතු කරන අයට දැඩි ලෙස බලපෑම් ඇති කරන්නට පුළුවන්.ඒ නිසා අපි  මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ හිරු රශ්මිය තිබෙන අවස්ථාවල එළිමහනේ වැඩ කරනවා නම් හෝ වෙනත් කටයුත්තක නියැලෙනවා නම් ඒ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්න කියලයි. 

එමෙන්ම මේ දිනවල දිවයිනේ බොහෝ පාසල් වල නිවාසාන්තර මළල ක්‍රීඩා උත්සව පැවැත්වෙන බවක් දකින්න තිබෙනවා.පතිත වන දැඩි හිරු රශ්මිය වැඩිහිටියන්ට බලපෑමක් එල්ල කළ හැකි තත්ත්වයක තිබෙන්නේ නම් එහි බලපෑම පාසල් දරුවන්ට වැඩි වන්නට හැකි බවටයි අපි විශ්වාස කරන්නේ.

ඒ නිසා විශේෂයෙන් පාසල් බලධාරීන්ගෙන් මෙන්ම දෙම්වපියන්ගෙන්ද ඉල්ලා සිටින්නේ එළිමහනේ වැඩි වේලාවක් රැඳී සිටින යම් කටයුත්තක ඔබ හෝ දරුවන් නිරත වන්නේ නම් පිරිසිදු පානීය ජලය ප්‍රමාණවත් තරම් භාවිතයට ගන්නා ලෙසයි.එමෙන්ම ක්‍රීඩා උත්සව පවත්වන්නට පෙර ඒ සඳහා සුදුසු වටපිටාවක් තිබේද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන්ගෙන් උපදෙස් ලබා ගන්නා ලෙසත් අපි අධ්‍යාපන නිලධාරීන්ගෙන් මේ අවස්ථාවේදී ඉල්ලීමක් කරනවා.

පසුගිය කාලයේ ඇතැම් ප්‍රදේශවලින් අවාසනාවන්ත සිදුවීම් වාර්තා වී තිබුණා.නැවතත් එවන් තත්ත්වයක් ඇති වන්නට පෙර තමයි අපි මේ පූර්ව දැණුවත් කිරීම අධ්‍යාපන බලධාරීන්ට සහ මහජනතාව වෙත නිකුත් කරන්නේ යැයිද ඒ මහතා පැවසීය.

කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.