Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මොණරාගල දිස්ත්‍රික්කයේ, මොණරාගල නගරයට ඉහලින් වර්ග කිලෝමීටර් 54ක් පුරා පැතිර ඇති මරගල කදුවැටියෙන්,  ශ්‍රී ලංකාවට ආවෙිණික නව සර්ප  විශේෂයක් සොයා ගැනිමට,මෙරට පර්යේෂකයන් පිරිසක් සමත්ව තිබෙි.

රූප විද්‍යාත්මකව වයිරී හාල්දන්ඩාට (Dendrelaphis caudolineolatus ) බොහෝ සමානකම් දක්වන මෙි නව විශේෂය,මෙරට ප්‍රවීන පර්යේෂකයනු වන තසුන් අමරසිංහ මහතාට ගෞරව පිණිස Thasuns Bronzeback ලෙසත්, සත්ව විද්‍යාත්මකව  Dendrelaphis thasuni  ලෙස නම් කිරිමට මෙම පර්යේෂකයන් පිරිස කටයුතුකර ඇත.

මෙම නව හාල්දන්ඩන් විශේෂයේ, නොබෙදුනු ගුද කොරලක් තිබීම හා අනෙකුත් කැපී පෙනෙන ලක්ෂණ නිසා,වයිරී හල්දණ්ඩන්ගෙන් පැහැදිලිව වෙන්කර හදුනාගත හැකි බවත්,මෙම නව විශේෂය ශ්‍රී ලංකාවෙි, ඌව පළාතේ, මොනරාගල දිස්ත්‍රික්කයේ,මරගල කන්දෙන් එකතුකරන ලද,තනි ගැහැණු සතෙකුගේ නිදර්ශකයකින් පමනක්, නම්කර තිබෙන බවත්, මෙම පර්යේෂණ කන්ඩායමෙි සමීර සුරංජන් කරැණාරත්න මහතා පවසයි.

ඒ මහතා තවදුරටත් පවසන්නේ, රැක්වාසී ජිවන රටාවකට අනුවර්ථනය වී ඇති,මෙම නව සර්ප ( හාල්දණ්ඩන්) විශේෂයේ, ප්‍රමුඛ වර්ණය, ඔවුන් වාසයකරන ගස් අතුවලට සමානවන බවයි.

මෙම නව විශේෂය ඇතුලු සර්ප විශේෂ 08ක්, ශ්‍රී ලංකාවෙි වාසයකරන බවත්,ඉන් මෙම විශේෂය ඇතුලු විශේෂ 06ක් ශ්‍රී ලංකාවට ආවෙිණික බවත්,එම ආවෙිණික විශේෂ සියල්ල වර්ථමානයේ වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සර්ප විශේෂ බවත්, සමීර සුරංජන් කරැණාරත්න මහතා පවසයි.

“මරගල කන්ද එහි වාසස්ථාන විෂමතාව නිසා, සහ හිතකර දේශගුණික තත්වයන් නිසා ශ්‍රී ලංකාවෙි ජෛව විවිධත්වය අතින් ඉතා පොහොසත් ප්‍රදේශයක්, වර්තමානයේ උරග විශේෂ 67ක්, මෙම කදුවැටිය ආශ්‍රයෙන් සොයාගෙන තියෙනවා. ඉන් විශේෂ 30ක් මෙරටට ආවෙිණිකයි. ඒ වගේම උභයජීවි විශේෂ 18ක් වාර්තා වෙනවා ඉන් විශේෂ 05ක් මෙරටට ආවෙිනිකයි. ඒ වගේම ලොවෙන්ම මරගල කදුවැටියට පමනක් ආවෙිණික, සත්ව විශේෂ රැසක්ද සොයාගෙන තියෙනවා. නමුත් වර්තමානයේ මෙම කදුවැටිය ආශ්‍රිතව සිදුවෙන මිනිස් ක්‍රියාකාරකම් හා විවිධ සංවර්ධන වැඩසටහන් නිසා මෙි හුදෙකලා වනාන්තරය සීඝ්‍රව විනාශ වෙමින් පවතිනවා.ඒ නිසා මෙම කදුවැටියේ සිටින නේවාසික සත්ව විශේෂ සංරක්ෂණය සදහා විශේෂ වැඩපිලිවෙලක් අවශ්‍යයි.”

සමීර සුරංජන් කරැනාරත්න මහතා පවසයි.

මෙම නව විශේෂය ලෝකයට දායාද කිරිම සදහා සමීර සුරංජන් කරැණාරත්න මහතාට අමතරව,අනූෂ අත්තනගොඩ, මෙරට ප්‍රකට උභයජිවි හා උරග පර්යේෂකයකු වන ආචාර්ය ඇනස්ලම් ද සිල්වා,සිතාර උදයංග,මජින්ත මඩවල,ජර්මානු ජාතික ආචාර්ය Gernot vogel හා ඇමෙරිකානු ජාතික ආචාර්යවරයකු වන L. lee grismer යන පර්යේෂකයන් පිරිස එක්ව තිබෙි.

මොණරාගල - නයනජීව බන්ඩාර

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.