රුහුණු සරසවියට නිසි බලධරයෙක්
- 2025-02-25 17:58:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රුහුණු විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා සතු බලතල සහ කාර්යන් ක්‍රියාත්මක කිරීම සඳහා අද (25) සිට බලපැවැත්වෙන පරිදි නිසි බලධරයා ලෙස ජ්‍යේෂ්ඨ මහාචාර්ය ආර්.එම්.යූ.එස්.කේ.රත්නායක මහතා පත්කරමින් අග්‍රාමාත්‍ය හා අධ්‍යාපන ,උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය විසින් අති විශේෂ ගැසට් නි වේදනයක් නිකුත් කර ඇත.
මෙම විශ්ව විද්‍යාලයේ පරිපාලන කටයුතු බරපතළ ලෙස අවුල්වී ඇති බවට සහ එය සාමාන්‍ය තත්වයට නැවත පත්කිරීමට එහි බලධාරීන් අපොහොසත්වී ඇති බවට සෑහීමට පත්වීමෙන් පසුව 1978 අංක 16 දරන විශ්ව විද්‍යාල පනත යටතේ පැවරී ඇති බලතල අනුව මෙම පත් කිරීම සිදුකරන බව අධ්‍යාපන අමාත්‍යවරිය විසින් ඊයේ(24) දාතමින් නිකුත් කරන ලද එම ගැසට් නිවේදනයේ සඳහන්වේ.
මේ අනුව විශ්ව විද්‍යාල පනත යටතේ උප කුලපතිවරයා වෙත පැවරී ඇති හෝ පවරන ලද බලතල හා කර්තව්‍යයන් ක්‍රියාත්මක කිරීමේ කාර්යන් සඳහා එකී විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා වෙනුවට මෙම නිසි බලධරයා පත් කරන බව එම ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර ඇත.
ජේ.ඉඳුරුවගේ
Reply To:
Name - Reply Comment
0 Comments