Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල පහසුකම් සේවාව සැපයීමට ස්ටාර්ලින්ක් (Starlink) සමාගමට අනුමැතිය
සීමාසහිත ස්ටාර්ලින්ක් ලංකා (පුද්ගලික) සමාගමට චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් ශ්‍රී ලංකාවේ අන්තර්ජාල සේවා සැපයීම සඳහා “විදුලි සංදේශ සේවා සැපයුම්කරු” බලපත්‍රයක් නිකුත් කිරීමට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව කටයුතු කර තිබේ.

1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ (සංශෝධිත) පනතේ 17 (2) වගන්තිය යටතේ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් මෙම බලපත්‍රය නිකුත් කර තිබෙන අතර එය 2024 අගෝස්තු 12 වනදා සිට ක්‍රියාත්මකය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලොව සුප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් මහතා අතර හමුවක් පසුගියදා ඉන්දුනිසියාවේ දී සිදු වූ අතර එහිදී ඊලොන් මස්ක් මහතා විසින් හිමිකාරිත්වය දරනු ලබන ස්ටාර්ලින්ක් ජාලය (Starlink) සමඟ ශ්‍රී ලංකාව සම්බන්ධ කිරීම සඳහා අයදුම් කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම පිළිබඳ සාකච්ඡා කෙරිණි.

එහි ප්‍රතිඵලයක් ලෙස චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ශ්‍රී ලංකාවේ අන්තර්ජාල පහසුකම් සේවාව සැපයීම සඳහා ස්ටාර්ලින්ක් (Starlink) සමාගමට අනුමැතිය ලබා දී තිබේ.

ශ්‍රී ලංකාවේ දැනට පවතින ෆයිබර් තාක්ෂණ අන්තර්ජාල සේවාව මෙන් කිහිප ගුණයකින් මෙම අන්තර්ජාල සේවාව වේගවත් වීම නිසා හා ලෝකයේ ඕනැම ස්ථානයක සිට මෙම සේවාව ලබා ගැනීමට ඇති හැකියාවත් නිසා ඉදිරියේදී මෙරට තාක්ෂණ ක්ෂේත්‍රය තුළ වඩා යහපත් පරිසරයක් නිර්මාණය වනු ඇති බව විදුලි සංදේශ නියාමන කොම්ෂන් සභාව පෙන්වා දෙයි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.