Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී ලංකාවේ දෙවන විශාලතම වනෝද්‍යානය වන මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ තිබී, ශ්‍රී ලංකාවේ මෙතෙක් හමුනොවුණු බිම්මල් විශේෂ වර්ග දෙකක් සොයාගත් බව මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ හෙනානිගල පිවිසුම් කාර්යාලයේ වන සත්ත්ව අඩවි ආරක්ෂක කුමාරසිරි විජේකෝන් මහතා සඳහන් කරයි.

ලා දුඹුරු සහ සුදු පැහැයෙන් යුක්ත මෙම බිම්මල් විශේෂය, සෙන්ටිමීටර් හතරක පමණ විෂ්කම්භයකින් හා උසකින් යුක්තය. මෙම බිම්මල් විශේෂය පරික්ෂා කිරීම සඳහා වනජීවී දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරීන්ට යොමුකර ඇති බවත්, ඔවුන් පවසන අන්දමට එය ශ්‍රී ලංකාවේ දුර්ලභ ගණයේ බිම්මල් විශේෂයක් බවට හඳුන්වා දී තිබෙන බවද විජයකෝන් මහතා පවසයි.

මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ හේනානිගල ප්‍රදේශයේ පසුගිය 16 හා 17 යන දෙදින තුළ සිදුකළ මුර සංචාරයේදී මෙම බිම්මල් විශේෂය තමන් ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකුට හමුවූ බවත්, ඒ පිළිබඳ හොඳින් නිරීක්‍ෂණ‍ය කිරීමෙන් පසු ඒවා විද්‍යාත්මක පරීක්ෂණයක් සිදුකිරීමට බත්තරමුල්ලේ පිහිටි වනජීවී දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ නිලධාරීන් මෙන්ම, වනජීවී අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දැනුවත් කර තිබෙන බවද විජයකෝන් මහතා සඳහන් කළේය.

මාදුරුඔය ජාතික වනෝද්‍යානයෙන් හමු වූ මෙම බිම්මල් විශේෂය කිසිම දිනක, අවට ගම්මානවල ආදිවාසී ජනතාව දැක නොමැති බවත්, ඒවා ආහාරයටද නොගන්නා බවද මේ පිළිබඳ සොයා බැලීමේදී ආදිවාසී ජනතාව සඳහන් කළ බව වන සත්ත්ව අඩවි ආරක්ෂක නිලධාරීහු සඳහන් කළහ.

මීට පෙරද අප්‍රේල් මාසයේ 12වෙනිදා මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ දමනේවල ප්‍රදේශයේ තිබී ශ්‍රී ලංකාවේ මෙතෙක් හමු නොවූ, කෘමි භක්ෂක ශාකයක් වන drocera යන ඉංග්‍රීසි නාමයෙන් හඳුන්වන ශාක විශේෂය හඳුනා ගැනීමට හැකි වූ බවත් කුමාරසිරි විජේකෝන් මහතා පැවසීය.

මාදුරුඔය හෙනානිගල වන සත්ත්ව පිවිසුම් කාර්යාලයේ, වන සත්ත්ව අඩවි ආරක්ෂක කුමාරසිරි විජේකෝන්, වන සත්ත්ව නියාමක, ඒ.එම්.එස්.පී. සෙනෙවිරත්න, ක්ෂේත්‍ර සහයක එස්. ඩබ්ලිව්.එම්.අජිත් කුමාර, ස්වේච්ඡා මාර්ගෝපදේශක යූ.ඩබ්ලිව්. ගුණවර්ධන යන නිලධාරීන් විසින් මෙම බිම්මල් විශේෂය සොයාගෙන ඇත.

මනම්පිටිය නිමල් ජයරත්න

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.