ලංකාවේ පළමු පිඩේ චෙස් ක්‍රීඩා උපදේශිකාව ලෙස සුනීතා වාර්තා අතරට
- 2023-11-28 15:56:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකාවේ පළමු පිඩේ චෙස් ක්‍රීඩා උපදේශිකාව වීමේ ගෞරවය සුනීතා විජේසූරිය හිමිකර ගත්තාය. ඒ අන්තර් ජාතික චෙස් සම්මේලනය විසින් සුනීතා විජේසූරියට පිඩේ චෙස් ක්‍රීඩා උපදේශක තනතුර පිරිනැමීමත් සමගමය.
මෙරට පිඩේ චෙස් ක්‍රීඩා උපදේශකයින් සිටියත් මෙරට කාන්තාවකට මෙතෙක් එවැනි චෙස් ක්‍රීඩා තනතුරක් හිමිව නොතිබුණු අවස්ථාවක සුනීතා විජේසූරියට ලංකාවේ පළමු කාන්තා පිඩේ උපදේශිකාව ලෙස කිරුලු පලදින්නට හැකිවූවාය.
මීට දශක දෙකතුනකට පෙර ශ්‍රී ලංකා ජාතික චෙස් ශූරිය ලෙස වසර දහයක් කාන්තා චෙස් කිරුළ දිනා ගැනීමට ද සුනීතා විජේසූරියට හැකියාව ලැබුණාය.
1992 වසරේ පිලිපීනයේ මැනිලා නුවර පැවති ලෝක ඔලිම්පියාඩ් චෙස් තරගාවලියේදී ලංකාවට රන් පදක්කමක් දිනා දීමට සුනීතා විජේසූරිය සමත්වූවාය.
මෙරට ජ්‍යෙෂ්ඨතම චෙස් කීඩා උපදේශිකාව වන සුනීතා විජේසූරිය ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ සභාපති ලක්ෂ්මන් විජේසූරිය මහතාගේ සොහොයුරියකි.
Reply To:
Name - Reply Comment
0 Comments