ලංකාවේ වයස්ගතම යෝධ ඉබ්බාට හිස තෙල් ගායි
- 2025-04-16 09:38:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අලුත් අවුරුදු චාරිත්‍ර අතර සුවිශේෂී ස්ථානයක් ගන්නා හිස තෙල් ගෑමේ උත්සවය යෙදී තිබූ අප්‍රේල් මස 16 දින පූර්වභාග 09.04 ට යෙදුණ නැකතට අනුව උතුරු දිශාව බලා හිසට දිවුල් කොළද පයට ඉඹුල් කළද තබා සංඝරත්නයේ සෙත් පිරිත් සච්ඡායනය මැද හිස තෙල් ගෑම දෙහිවල ජාතික සත්වෝද්‍යානයේදී සිදුකරනු ලැබිණි.
දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්දන රාජපක්ෂ මහතාගේ උපදෙස් මත නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දිනුෂිකා මානවඩු , ජ්‍යෙෂ්ඨ පශු වෛද්‍ය නිලධාරි ධම්මිකා දසනායක මහත්මිය ඇතුලු,පශු වෛද්‍ය වරියන් වන අමිලා කලුතන්තීරිගේ, දිනූෂා සොන්නන්රදර, ඇතුලු සත්වෝද්‍යාන පාලන අධිකාරිය උසස් නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් දෙහිවල ප්‍රතිබිම්බාරාම විහාරවාසී විලච්චියේ විමලසාර නාහිමියන් ,පැපිලියාන සුගතහිමි ඇතුළු මහා සංඝරත්නය විසින් හිසතෙල් ගෑම සිදුකරනු ලැබිණි
සත්වෝද්‍යානයේ වාසයකරන කඩොල් ඇතාගේ නැකතට තෙල් ගෑම සිදුකල අතර, දැනට ශ්‍රී ලංකාව තුළ ජීවත් වන වයස්ගතම සත්වයා වන වයස 153 ක් වන යෝධ ඉබ්බාගේ තෙල් ගෑමද සිදු කරනු ලැබිණි
මේ අතර . මේ දිනවල සත්වෝද්‍යානයේ කාගෙත් සිත් දිනාගත් සත්ව හුවමාරු වැඩසටහන යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයෙන් දෙහිවල සත්වෝද්‍යානයට ලැබුණු දුඹුරු වලසාගේ හිස තෙල් ගෑම, සත්වෝද්‍යානය වාසය කරන ජිරාෆ් , කගවේනා ඇතුළුව තවත් සතුන්ගේ හිස තෙල් ගෑම ද මෙහිදී සිදු කරනු ලැබිණි
ඡායාරූප:=
ලංකාවේ වයස්ගතම වයස අවුරුදු 153 ක් වන යෝධ ඉබ්බාගේ හිසතෙල්ගෑම ප්‍රතිබිම්බාරාම විහාරාවාසි විලච්චියේ විමලසාර හිමියන් විසින් සිදුකල අයුරු
පින්නවල අලි අනාගාරයේදී 2012 වසර ඉපිද පසුගිය නොවැම්බර් මස දෙහිවල ජාතික සත්වෝද්‍යානය වෙත රැගෙන එනු ලැබූ එකම පිරිමි හස්තියා වන " කඩොල් ඇත් පැටවා" ට හිසතෙල
ගෑම සිදුකල අයුරු.
දෙහිවල- එච්.එම්.ධර්මපාල
Reply To:
Name - Reply Comment
0 Comments