ලබන වර්ෂයේ පාසල පවත්වන දින ගණන 181ක් ලෙස අඩුවෙයි
- 2024-12-29 12:24:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
රජය වසරකට පාසල් පවත්වන දින ගණන 210 ක් වුවද 2025 වසරේ එය දින 181ක් දක්වා අඩු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීන්දු කොට තිබේ.
රජයේ නිවාඩු දින විශාල සංඛ්‍යාවක් මෙන්ම, පාසල්වල පළමු වාරය ආරම්භ කිරීම ප්‍රමාද වීමත් සමඟ රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල් සහ පිරිවෙන්වල සිසුන්ගේ වාර්ෂික පාසල් අධ්‍යාපනය සඳහා පැමිණීමේ දින 210ක අවශ්‍යතාවය 2025 නව වසරේදී දී දින 181 දක්වා අඩු කර ඇත.
ඒ අනුව 2024 අධ්‍යයන වර්ෂය සඳහා තුන්වන වාරය සම්පූර්ණ කිරීම සඳහා ජනවාරි 2 සිට 24 දක්වා පළමු සති තුන පාසල් පැවැත්වෙයි .
2025 සඳහා වන පාසල් වර්ෂය තාක්ෂණික වශයෙන් ජනවාරි 27 වන දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
මීට අමතරව, 2025 සඳහා වන රජයේ නිවාඩු දින 26 න් සති අන්තයේ ඇත්තේ හතරක් පමණක් වන අතර, අනෙක් සියල්ල සතියේ දිනවලට යෙදී ඇත.එබැවින් දින 210 ක් පන්ති පැවැත්වීමට ඉඩකඩ නොමැති අතර එය දින 181කට සීමා කොට ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කරයි.
කමල් ශ්‍රී ලියනගේ
Reply To:
Name - Reply Comment
0 Comments