ලොව දිගම මුද්දරය ලංකාවෙන්
- 2024-08-21 08:38:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ලොව දිගම මුද්දරය ලෙස මිලි මීටර් 205 කින් යුතුව මහනුවර ඓතිහාසික ශ්‍රි දළදා පෙරහැර සංකේතවත් කරමින් තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සමරු මුද්දරය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ මහතා විසින් ඊයේ (20දා) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබීය.
නුවර ඇසළ පෙරහර මංගල්‍යය අවසන් බව සනිටුවහන් කිරිම වෙනුවෙන් මහනුවර ජනපති මන්දිරයේ පැවැති උත්සවයේදි මෙම මුද්දරය එළි දැක්විය.
එසේම මෙහිදි ශ්‍රී දළදා මාළිගාව සහ බෞද්ධ සංස්කෘතිය ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද මුද්දර, සිහිවටන පත්‍රිකා සහ මුල්දින කවර එකතුවක් ශ්‍රී දළදා මාළිගාවේ කෞතුකාගාරයේ තැන්පත් කිරීම සඳහා දියවඩන නිලමේවරයා වෙත පිළිගැන්වීම ද සිදු කෙරිණි.
මෙහිදී උත්සව සභාව ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර දකුණු ආසියාවේ උසස්ම ආගමික උත්සවය ලෙස ලෝකය හමුවට ගෙන යාමට අවශ්‍ය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන බවයි.
Reply To:
Name - Reply Comment
0 Comments