Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

වටිටාරම පුදබිමේ  සිප් නැණ බෙදන තක්සලාව

මලියදේව කනිෂ්ඨ විද්‍යාලය

 

 

 

මොරොන්තොට  එන්. ආරච්චි             

ඓතිහාසික වට්ටාරාම පුදබිමෙහි දේවාලේගම,බමුණුගම මලියදේව කනිෂ්ඨ විද්‍යාලයේ

ජීවාන,කුඹුක්ගම,උරුලෑදෙණිය,කන්දේගෙදර,වලගම,නවගමුව,පුස්සැල්ල,දේවාලේගම,වලගම,පල්ලේවල ආදී ගම්මානවල සිසු සිසුවියෝ නව සියදෙනෙකු පමණ අද වන විට සිප් සතර හදාරති.

ආරම්භය

කෑගල්ල අධ්‍යාපන කලාපයේ ගලිගමුව අධ්‍යාපන කොට්ඨාසයට අයත් මෙම පාසලේ වර්ෂ 1927 ඔක්තෝබර් මස  27 වන දින  පරම විඥ්ඥානාර්ථ බෞද්ධ සමාගමේ ලියාපදිංචිව මලියදේව බාලිකා පාසල නමින් ශිෂ්‍යාවන් අට දෙනෙකුගෙන් හා එක් ගුරුවරයෙකු යටතේ ආරම්භ කෙරුණි. වරිච්චි බිත්තිවලින් සමන්විත පොල් අතු සෙවිලි කළ මඩුවක ඒ හැමදෙන සිප් සතර හැදෑරූහ. එවකට මෙම  පාසලේ  මුල්ගුරුවරිය වූයේ එන්. ඩබ්ලිව්. වීරසිංහ මහත්මියයි.ඉන් අනතුරුව විවිධ මුල් ගුරුවරු යටතේ පාසලේ සංවර්ධන කටයුතු සිදු කර ඇත.වර්ෂ 1962 අප්‍රේල් 01 වැනි දින මෙම පාසල රජයට පවරා ගැනුණි. එවකට  මුල්ගුරුවරිය ලෙස කටයුතු කළේ එච්. ඒ. දානවතී මහත්මියයි. මෙම විදුහලේ විදුහල්පතිවරියන් වශයෙන් කටයුතු කළ එස්. ඒ. පී. තෙන්නකෝන්,එම්. ඒ. එස්. පී. ගුණරත්න,ඩබ්ලිව් පී. සෙනවිරත්න යන මහත්මීහු පාසලේ උන්නතිය සදහා මහත් මෙහෙවරක් කර ඇත.

වර්ෂ 2000 දී ජපන් අන්තර් ජාතික සහයෝගිතා සංවිධානයේ ප්‍රදානයක් වශයෙන් විද්‍යාලයේ දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකෙරුණි. වර්ෂ 2016 හා 2023 අතර කාලයේ පාසලේ විදුහල්පතිවරයා ලෙස කටයුතු කළ එම්. ජී. එස්. පී. විජේසිරි මහතා පාසලේ උන්තිය වෙනුවෙන් මහඟු සේවයක් ඉටු කළේය. විද්‍යාලයේ සාමාන්‍ය පෙළ හා 5 ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල ඉහළ මට්ටමකට ගෙන ඒමට කටයුතු යෙදුණි.

විදුහලේ වත්මන්  විදුහල්පතිවරයා ලෙස ටී. ඒ. උපාලිසෙනවිරත්න මහතා(වසර 2023 සිට ) කටයුතු කරයි.

 

විෂය හා බාහිර ක්‍රියාකාරකම් රුසක්

මේ වන විට බමුණුගම මලියදේව විද්‍යාලය අධ්‍යාපන හා විෂය සමගාමී ක්‍රියාකාරකම් අතින් කැපී පෙනෙන පාසලක් බවට පත්ව තිබෙයි.ඒ අතර 2024 වර්ෂයේ සමස්ත ලංකා නර්තන තරගයෙන් කෑගල්ල අධ්‍යාපන කලාපයේ කනිෂ්ඨ අංශයෙන් පිරිමි ප්‍රථම ස්ථානයත් (සැවුලා වන්නම) දිනාගැනීමට සමත්විය.  එම වර්ෂයේම කෑගල්ල කලාපයේ පාසල් චෙස් තරගවලින් තිදෙනෙක් සබරගමුව පළාත් තරග සදහා සුදුසුකම් ලබා සිටිති. කථික , පද්‍ය හා ගායනා තරගවලින් ද ප්‍රථම,දෙවන හා තෙවැනි ස්ථාන දිනාගැනීමටද විද්‍යාලයීය සිසු සිසුවියෝ සමත්ව සිටිති.වර්තමානයේ පාසලේ නියෝජ්‍ය විදුහල්පතිවරු ලෙස  ඒ. එස්. පී. හේවාවසම් මහත්මිය (පරිපාලන),වයි. බී. එම්. ඩී. ආර්. යාපා බණ්ඩාර මහත්මිය (අධ්‍යාපන සංවර්ධන) හා ඒ. ජේ. වී. වයි. එස්. අමරසූරිය මහතා (විෂය සමගාමී) කටයුතු කරති.එමෙන්ම පාසල් ආචාර්යමණ්ඩලය 45 දෙනෙක්ගෙන් සමනවික වේ. අතර අනධ්‍යයන කාර්ය්‍ය මණ්ඩයේ අට දෙනෙකි.

ඡායාරූප

1 විදුහල්පති ටී. ඒ. උපාලි සෙනවිරත්න මහතා

2 ආචාර්ය මණ්ඩලය හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය

3 ශිෂ්‍යනායක නායිකාවෝ

4 නර්තන කණ්ඩායම

5 කැඩෙට් කණ්ඩායම

6 තූර්යෙ වාදක කණ්ඩායම

7 බාලදක්ෂ කණ්ඩායම

8 චෙස්  කණ්ඩායම

9 මාධ්‍ය ඒකකය

(10)  1 ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය දක්වා සිසුසිසුවියෝ  (1 කොටස)

(10)  1 ශ්‍රේණියේ සිට 5 වන ශ්‍රේණිය දක්වා සිසු සිසුවියෝ (2 කොටස)

11 වොලිබෝල් කණ්ඩායම

12 කනිෂ්ඨ තුර්ය වාදක කණ්ඩායම

13 වුෂු කණ්ඩායම

14 කුඩා මිතුරි කණ්ඩායම

15 කනිෂ්ට ශිෂ්‍ය භට කණ්ඩායම

16මලල ක්‍රීඩා කණ්ඩායම

(17 ) 6 වැනි ශ්‍රේණියේ සිට 8 වැනි ශ්‍රේණිය දක්වා ළමුන්

(18) 9 , 10 හා 11 ශ්‍රේණිවල සිසු සිසුවියෝ

19 විශේෂ අවශ්‍යතා සහිත සිසුන්ගේ ඒකකය

20 කරාතේ කණ්ඩායම

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.