Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ජුනි 05 වැනිදාට යෙදෙන ජගත් පරිසර දිනට සමගාමීව වනාන්තර 05ක් රක්ෂිත වනාන්තර ලෙස ගැසට් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව ගාල්ල- කොට්ටව වනාන්තරය , මොනරාගල - නිල්ගල වනාන්තරය, කෑගල්ල- උඩලියද්ද වනාන්තරය, කෑගල්ල - තුල්හිරිකන්ද වනාන්තරය සහ කෑගල්ල - වේරැහැකන්ද වනාන්තරය මෙලෙස රක්ෂිත වනාන්තර ලෙස ගැසට් කරන බවට පරිසර අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.

වනාන්තර වල පස ජලය, ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම, අනන්‍ය පරිසර පද්ධති, ජාන සහස්ස හා දුර්ලභ වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති වන සත්ත්ව හා වෘක්ෂලතා විශේෂ සුරක්ෂිත කිරීයම් අරමුණින් වනාන්තර රක්ෂිත වනාන්තර ගැසට් මඟින් ප්‍රකාශයට පත් කරනු ලැබේ. තවද එහි වනාන්තර අවට ග්‍රාමීය ප්‍රජාවගේ පරිභෝජනයට හා වනාන්තරවලින් ඔවුන්ගේ ජීවනෝපාය වැඩිදියුණු කිරීම හා ආර්ථික තත්ත්වය වර්ධනය කර ගැනීමට වනාන්තර භාවිත කළ හැකි වන පරිදි, නෛතික බලයක් ලබා දීම මෙමගින් සිදු වේ.

අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේ ඉදිරියේදී මෙම වනාන්තර සඳහා කළමනාකරණ සැලසුම් සකස් කර එම වනාන්තරවල ආරක්ෂාව, කළමනාකරණය හා භාවිතය සිදු කරනු ලබන බවයි.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.