Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෙවර තොරතුරු තාක්ෂණ ඔලිම්පියාඩ් තරගාවලියේදී The International Olympiad in Informatics (IOI) ලෝකඩ පදක්කමක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.

35 වැනි වරට පැවැත්වූ  තොරතුරු තාක්ෂණ ඔලිම්පියාඩ් තරගාවලිය හංගේරියාවේදී පැවැත්වුණු අතර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගකරුවෝ සිව් දෙනෙක් ඒ සඳහා සහභාගි වූහ.  එම කණ්ඩායම නියෝජනය කළ සිතිජ අභිෂේක් කොටුවේවත්ත විසින් මෙම ලෝකඩ පදක්කම දිනාගන්නා ලදි. තරගාවලිය සඳහා ලෝකයේ විවිධ රටවල් නියෝජනය කරමින් තරඟකරුවෝ 351ක් සහභාගි වූහ.

1989 දී ආරම්භ කළ තොරතුරු තාක්ෂණ ඔලිම්පියාඩ් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව 1992 සිට සහභාගිවන අතර 2007 වර්ෂය තෙක් තරගවලදී පදක්කම් ජයග්‍රහණය කර තිබුණි. මෙවර වසර 16 ට පසුව ශ්‍රී ලංකාවට තොරතුරු තාක්ෂණ ඔලිම්පියාඩ් තරගාවලියේ පදක්කමක් හිමිවීම සුවිශේෂය.

තාක්ෂණ ඔලිම්පියාඩ් තරගාවලිය නියෝජනය කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස ආදිත්‍ය නරසිංහ කටයුතු කළ අතර උප නායකයා ලෙස වෙනුදි දයාරත්න කටයුතු කළේය.‍ සිතිජ අභිෂේක් කොටුවේවත්ත,ශිථිල මහබදුගේ,මිනිදු ජයසේකර සහ මින්දිය කරුණාසිංහ, කණ්ඩායමේ තරඟකරුවන් ලෙස සහභාගි වී ඇත. 

තාක්ෂණ ඔලිම්පියාඩ් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස කටයුතු කරන ලද්දේ ලක්ෂිත් නිශ්ශන්ක අපිරාම් රාජමෝහන් සහ අෂාන් හංසක විසිනි.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.