Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ලොව දුප්පත් රටවල වෙසෙන දරුවන්ට වඩාත් සෞඛ්‍ය ආරක්ෂිතව ජීවත්වීමේ අවස්ථාව ලබාදීම වෙනුවෙන් දැනට වසර කිහිපයකට පෙර නිර්මාණය කෙරුණු පාවහන් යුගලය මේ වනවිට ඉතාමත් සාර්ථක ලෙස ලොව පුරා එවැනි දරුවන්ගේ පාවහන් අවශ්‍යතාව සපුරමින් සිටින බව වාර්තා සඳහන් කරයි.

වසර පහක කාලයකදී දරුවන්ගේ පාදය විශාල වීමට සමගාමීව ප්‍රමාණය විශාල කරගැනීමේ හැකියාවක් පැවතීම මෙම පාවහන් යුගලයේ ඇති විශේෂත්වයයි. ඒ අනුව දරුවන් වැඩෙද්දී ඔවුන්ගේ පාදවලට ගැලපෙන අයුරින් පාවහන් යුගලයක් මිලදී ගැනීමේ ආර්ථික දුෂ්කරතාවලින් පෙලෙන ලොව දුප්පත් දෙමව්පියන්ට අද මෙය මහත් අස්වැසිල්ලක් බවට පත්ව තිබේ.

නවෝත්පාදනයක් ලෙසින් සිදු කෙරුණු මෙම සුවිශේෂී පාවහන් යුගලයේ නිර්මාතෘවරයා වන්නේ එක්සත් ජනපදයේ පදිංචි නව නිර්මාණකරුවෙකු වන කෙන්ටන් ලීය. 2007 වසරේදී ඔහු කෙන්යාවේ නයිරෝබි නුවර සේවය කරමින් සිටියදී, සුදු ඇඳුමින් සැරසුණු කුඩා දැරියක් තමන්ගේ පාදයට වඩා කුඩා පාවහන් යුගලයක් පැලඳ ඉතාමත් අසීරුවෙන් ඇවිදින ආකාරය දැකීමෙන් පසුව ඔහුගේ සිතෙහි මෙම අදහස මතු වී තිබේ.

“මේ තත්ත්වය උදා වෙලා තිබුණේ පැහැදිලිවම ඔවුන්ගේ දුප්පත්කම නිසා. එම දරුවන්ගේ මව්පියන්ට දරුවන්ගේ වැඩීමත් සමග ඊට ගැලපෙන ප්‍රමාණයේ සපත්තු මිලදී අරගෙන දෙන්න හැකියාවක් නෑ. ඒ නිසා තමයි මේ විදියට උපරිමව වසර පහක කාලයක් භාවිත කළ හැකි ආකාරයෙන් ශක්තිමත්, වයසත් සමග ප්‍රමාණය විශාල කළ හැකි සපත්තුවක් නිර්මාණයට මා යොමු වුණේ.” යනුවෙන් කෙන්ටන් වරෙක පවසා තිබුණි.

මෙම පාවහන් යුගලය නිර්මාණයට ඔහුට වසර හයක පමණ කාලයක් ගත වී තිබේ. ඒවා සම්පූර්ණයෙන්ම සකසා ඇත්තේ සංකෝචනය කෙරුණු රබර් සහ කෘත්‍රිම හම්වලින් සකස් කළ පටි යොදා ගනිමිනි. එසේම ඒවායේ ඇති ගාංචු සහ බොත්තම් නිසා එම පටි එහාමෙහා කර පාදයේ ප්‍රමාණයට අනුව සකස් කරගැනීමේ හැකියාව ලබා දෙයි.

“පාවහන් නැතුව හරි, තමන්ට නොගැලපෙන පාවහන් පැලඳගෙන හරි යන දරුවන් බොහෝ විට ඇද වැටෙන්න පුළුවන්, එතකොට ඔවුන් තුවාල වෙනවා. ඒ වගේම පාදවල විවිධ ආසාදන රෝගවලට ලක්වෙනවා. හරිහමන් පාවහන් යුගලක් නැතිව සමහර දරුවන්ට පාසල් යන්නත් බැහැ.” කෙන්ටන් වැඩිදුරටත් පවසයි.

අද වනවිට මෙම පාවහන් මාදිලි දෙකක් යටතේ නිපදවීම සිදු කෙරේ. ඉන් එක් මාදිලියක් වයස අවුරුදු හතරේ සිට අට දක්වා වයසේ පසුවන දරුවන් සඳහායි. අනෙක වයස අවුරුදු අටේ සිට 12 දක්වා වයසේ පසුවන දරුවන් සඳහා ලෙසත් වෙන් කර තිබේ. එහිදී වැඩිමනක් අප්‍රිකානු කලාපයේ රටවල වෙසෙන දරුවන් ඉලක්ක කරගනිමින් මෙම පාවහන් නිපදවෙයි.

විශේෂයෙන්ම අද වනවිට ලොව පුරා මිලියන 300කට අධික දරුවන් ප්‍රමාණයකට තමන්ගේම කියා පාවහන් යුගලක් නොමැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානයද පවසා සිටියි. එසේම තවත් බොහෝ දරුවන් පලඳින පාවහන් තමන්ගේ පාද ප්‍රමාණයන්ට වඩා එක්කෝ විශාලය, නැත්නම් කුඩාය. මේ හේතූන් නිසා එම දරුවන්ට පාවහන් පැලඳීමේ අවස්ථාව මඟහැරී යන අතර, ඒ හේතුවෙන් ඔවුන් පසෙහි ඇති විවිධ බැක්ටීරියා ආසාදනයන්ගේ ගොදුරු බවට පත් වෙයි.

සෞඛ්‍ය වාර්තාවලට අනුව අද වනවිට ලොව පුරා බිලියන 2කට අධික ජනතාවක් පස් හරහා ඇති වන රෝගාබාධ සහ බැක්ටීරියා ආසාදන හේතුවෙන් පීඩාවිඳිති. එහිදී ඔවුන් වැඩිදෙනෙක් ජීවත් වන්නේ ප්‍රමාණවත් තරම් සනීපාරක්ෂක පහසුකම් නොමැති ප්‍රදේශවල බවත් හඳුනාගෙන ඇත.

ඒ අනුව මේ තත්ත්වය වෙනස් කිරීම වෙනුවෙන් තමන් මෙලෙස මෙම නවෝත්පාදන පාවහන් යුගලය ඉදිරිපත් කළ බව පවසන කෙන්ටොන් අද වනවිට එය ලබා ඇති සාර්ථකත්වය සම්බන්ධයෙන් සතුටු වන බවත් පවසා සිටියි.

දැනට වසර හතරකට පමණ පෙරාතුව එනම් 2018 වසරේදී මෙම පාවහන් යුගලයක වටිනාකම යූරෝ 12ක් පමණ විය. එසේම ඒ වනවිටත් අද ලොව පුරා සිටින ධානපතියන්ගේ ආධාරවලින් අප්‍රිකානු කලාපීය රටවල් ඇතුළුව ලොව රටවල් 97ක් පුරා දරුවන් වෙනුවෙන් මේ පාවහන් යුගල 140,000ක් බෙදා හැර තිබූ බවත් කෙන්ටොන් පවසා තිබුණි. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.