Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පාසල් පැවැත්වීමේ වාර සටහන සම්බන්ධයෙන් බලපැවත්වෙන අධ්‍යාපන අමාත්‍යාංශ චක්‍රලේඛයට අනුව සියලුම පාසල් එක් අධ්‍යයන වර්ෂයක් සඳහා දින 210  ක් පැවැත්විය යුතු බවට අවධාරණය කළත් ලබන 2025 වසරේදි  පාසල් පැවැත්වීමට සිදුව ඇත්තේ දින 181 ක් පමණි.

ඒ අනුව එම වර්ෂයේදී රජයේ පාසල්,රජය අනුමත පෞද්ගලික පාසල් හා පිරිවෙන්  සිසුන්ට අධ්‍යයන දින 29 ක් අහිමි වෙයි.
  
අධ්‍යාපන අමාත්‍යාංශය මගින්  2025 පාසල් වාර සටහන සම්බන්ධයෙන් ඊයේ (22) නිකුත් කළ චක්‍රලේඛය අනුව වාර තුනක් යටතේ අදියර හයකින් යුත්  2025 පාසල් වර්ෂය  ජනවාරි 27 දින ආරම්භවී දෙසැම්බර් 19 දිනෙන් අවසන්වීමට නියමිතය .

එම වර්ෂයේ රජයේ  නිවාඩු දිනයන් හා 2025 පාසල් වර්ෂය ජනවාරි 27 ආරම්භ කිරීම හේතුවෙන් මෙලෙස 210 ක් වූ පැවැත්වීමට  නියමිත දින ගණනින් දින  181 ක් පමණක්  පැවැත්වීමට සිදුව ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය එම චක්‍රලේඛයේ සඳහන් කරයි.

ජයරත්න ඉඳුරුවගේ

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.