Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දිවයිනේ තෝරාගත් පාසල්වල හයවන ශ්‍රේනියේ සිට ඉහල පන්තිවල ඉගෙනුම ලබන වැඩිවිය පැමිණි සිසුවියන්ට  ජුනි 06 දා සිට  සනීපාරක්ෂක තුවා මිලදී ගැනීම සඳහා තිළිණ පත් ලබා දීමට පියවර ගෙන ඇතැයි  අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව එම සිසුවියන්ට රුපියල් 600 වටිනා බැගින්වු කොටස් දෙකකින් යුත් රුපියල් 1200 වටිනා තිළිණ පතක් බැගින් ලබා දෙන බවත් එයින් පළමු කොටස ජුනි 06 දා සිට ජූලි 07 දක්වා ද දෙවන කොටස සැප්තැම්බර් 01 සිට 30 දක්වාද වලංගු වන බව මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශය නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වේ.

මෙකී කාල සීමාවන් තුළදී අමාත්‍යාංශයේ ලියාපදිංචි වෙළඳ ආයතනවලින් මෙම තිළිණ පත් ලබාදී සනීපාරක්ෂක තුවා ලබා ගැනීමට සිසුවියන්ට හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

දිවයිනේ පහසුකම් අඩු  දුෂ්කර ,අති දුෂ්කර සහ  හුදෙකළා පාසල්වල ආර්ථික අපහසුතා සහිත  අට ලක්ෂයක් පමණ සිසුවියන් සඳහා මෙම සනීපාරක්ෂක තුවා ලබාදීමේ වැඩ සටහන සඳහා රුපියල් බිලියනයක මුදලක් වැයවන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.