විදුහල්පති ගැටලු විසදීමට පත් කළ විද්වත් කමිටුවට ඇමති සුසිල්ගෙන් යෝජනාවලියක්
- 2023-06-11 19:16:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ නිලධාරීන්ගේ ගැටලු විසඳීම සඳහා අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ උපදෙස් පරිදි අධ්‍යාපන ලේකම් විසින් පත් කරන ලද කමිටුව අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අධ්‍යාපන අමාත්‍යතුමගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වන ලදි.
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ කලක් තිස්සේ පවතින ප්‍රධාන ගැටලු කිහිපයකට අවධානය යොමු කළ අමාත්‍යවරයා විසින් වැටුප් විෂමතා, බඳවාගැනීම් පටිපාටිය, උසස් කිරීම් සහ ස්ථානමාරු කිරීම් පිළිබඳ ව නිලධාරීන් විසින් සහ වෘත්තීය සමිති විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලට දිය යුතු ප්‍රමුඛතාවන් පිළිබඳ ව අදහස් දක්වන ලදි.
කමිටුවේ මේ දක්වා සිදු කර ඇති කාර්ය ප්‍රගතිය සමාලෝචනය කළ අමාත්‍යවරයා මූලික ගැටලු නිරාකරණය සඳහා කෙටිකාලීන විසඳුම් හැකි ඉක්මනින් ඉදිරිපත් කරන ලෙස කමිටුවට දැන්වී ය.
Reply To:
Name - Reply Comment
0 Comments