Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දියුණු වී ඇති සෑම රටක් ම ඉදිරියට ගොස් ඇත්තේ නවෝත්පාදන සමග බවත් විවිධ ආක්‍රමණවලට පෙර පරිසරයත් සමග බද්ධ ව මුසු කරගත් විද්‍යාව, තාක්ෂණය වැනි විෂය මූලික ව ගොඩනැගුණු දියුණු ශිෂ්ටාචාරයක සිටි අප අනතුරු ව වෙනත් රටවල වුවමනාවන් පිරිමසාලන පරිදි ගොඩනගා දුන් සමාජ ආර්ථික හා අධ්‍යාපන ගමන් මාර්ගයක තවමත් ගමන් කරමින් සිටින බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

 රටට අහිතකර මෙම සමාජ ආර්ථික ක්‍රමයෙන් මිදී එය වෙනස් කිරීම වහා ක්‍රියාත්මක නොවන තාක් අපට රටක් ලෙස දියුණු විය නොහැකි බව පැවසූ ඒ මහතා යටපත් ව ඇති දේශීය දැනුම, තාක්ෂණය, පර්යේෂණය හා ආවේණික ස්වාභාවික සම්පත් මනා ව මුසු කරගනිමින් පරිසර හිතකාමී නවෝත්පාදන නව ලොවට උචිත පරිදි බිහි කර රටේ අනාගතය ගොඩනැංවීමට සියලු දෙනා කැප විය යුතු බවත් එහි දී අධ්‍යාපන ක්ෂේත්‍රයට වැඩි වගකීමක් පැවරෙන අතර එයිනුත් ජාතික අධුනික්තව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය වැනි නිපුණතා ආයතනවලට පුරෝගාමී කාර්යභාරයක් ඉටු කිරීමට තිබෙන බවත් සඳහන් කළේය.

මෙරට නවෝත්පාදනවල නව පර්යේෂණවල ප්‍රතිඵල හිමි කරගන්නේ වෙනත් රටවල් බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ මානව සම්පත්වල ප්‍රයෝජනය මව් රටට ලබාගැනීමට මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශය විවිධ වැඩසටහන් ක්‍රියාවට නංවා ඇති බවත් පැවසී ය. විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයෙන් විතැන් ව වඩාත් ප්‍රායෝගිකත්වයට නැඹුරු වෘත්තීයාභිමුඛ අධ්‍යාපන ක්‍රමයක් වෙත ගමන් කිරීමේ පරිවර්තනීය අධ්‍යාපනයක අවශ්‍යතාව අමාත්‍යවරයා මෙහි දී අවධාරණය කර සිටියේය.

අමාත්‍යවරයා මේ තොරතුරු දැක්වූයේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ජාතික   අධුනික්තව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ කටුනායක පිහිටි ඉංජිනේරු විද්‍යා ජාතික ඩිප්ලෝමාව සාර්ථක ව හදාරා අවසන් කළ ඩිප්ලෝමාධාරීන්ට සහතිකපත් ප්‍රදානය කිරීම වෙනුවෙන් පසුගිය දා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලොවේ පැවති වැඩසටහනක් අතරතුර දීය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.