Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

දරුවන් දැනුමෙන් ආකල්පවලින් මෙන්ම කුසලතාවන්ගෙන් සන්නද්ධ කරවීම අධ්‍යාපනයේ පරමාර්ථ බවත් තරගකාරී පසුබිමක් ගොඩනගා ගනිමින් විභාගවලින් දරුවන් සමත් කරවීම පිණිස පාසල් යැවීම නොකළ යුතු බවත් යෝජිත අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ තුළින් අවධාරණය කරනු ලබන්නේ ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම් සඳහා දරුවා අත්පත් කරගන්නා කුසලතා මැන බැලීම බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ  2024 වර්ෂයේ පළමු ශ්‍රේණියට පිවිසෙන දරුවන් වෙනුවෙන් ක‍්‍රියාකාරකම් පාදක වාචික ඉංග‍්‍රීසි (ABOE - Activity Based Oral English) වැඩසටහන පාසල් වෙත හඳුන්වාදීම පිණිස මහරගම ධර්මාශෝක විද්‍යාලයේ අද (04) පැවති ජාතික වැඩසටහනට එක්වෙමිනි.

දිවයිනේ සියලූ‍ පාසල්වල පළමුවන සහ දෙවන ශේණියේ සිසු දරුවන් තුළ ඉංග‍්‍රීසි කථන සහ සවන් දීමේ කුසලතා ඇති කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක‍්‍රියාකාරකම් පාදක වාචික ඉංග‍්‍රීසි වැඩසටහන හඳුන්වා දී ඇති අතර මේ වසරේ පළමු ශ්‍රේණියට පිවිසෙන දරුවන්ට එම වැඩසටහන හඳුන්වාදීම සෑම  ම පාසල් තුළ අද පැවැත්විණි.

විධිමත් භාෂාවක් ලෙස පාසල්වල තුන්වන ශ්‍රේණියේ සිට ඉංග‍්‍රීසි උගන්වනු ලැබුවද දරුවන්ගේ ඉංග‍්‍රීසි කථන කුසලතා ප‍්‍රාථමික අධ්‍යාපනයේ පළමු ප‍්‍රධාන අවධියේ සිට ලබාදීම කාලීන අවශ්‍යතාවක් ලෙස හඳුනාගෙන ඇති බවත් ඉදිරි අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ ක‍්‍රියාවලිය තුළ පාසල් විෂය මාලාවෙහි සිදුවන යාවත්කාලීන වීම් සහ වැඩිදියුණු වීම් සමග දරුවන් එක් කිරීමට මෙම වැඩපිළිවෙල ඉතා වැදගත් වනු ඇති බවත් මෙහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

1 සහ 2 ශ්‍රේණිවල ප‍්‍රාථමික ගුරුවරුන් ක‍්‍රියාකාරකම් පාදක වාචික ඉංග‍්‍රීසි ඉගැන්වීම වෙනුවෙන් සූදානම් කරවීම පිණිස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පුහුණු වැඩසටහන් ක‍්‍රියාවට නංවා ඇති බවත් මේ යටතේ ගුරුවරුන් 13800 ක් දැනටමත් පුහුණු කර අවසන්ව ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

පාසල් වාර විභාගවල ප‍්‍රශ්න පත‍්‍ර පිටවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා, ප‍්‍රශ්න පත‍්‍ර පිට කළ අයගේ  සදාචාරාත්මක මට්ටම පවා අවබෝධ කරගත යුතු බව පෙන්වා දුන් අතර, ඉදිරි සතිය තුළ පළාත් බලධාරීන් සමග සාකච්ඡුා කොට මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීම වෙනුවෙන් ගත හැකි ඉදිරි පියවර ක‍්‍රියාවට නංවන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

පාසල් දරුවන්ගේ පොත් බෑගයේ බර අඩු කිරීමටත් විභාග තුළින් පමණක් දරුවන්ගේ දැනුම මැන බැලීම නතර කිරීමටත් අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ තුළින් තමා අපේක්‍ෂා කරන බව ද  අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.