Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ උසස් අධ්‍යාපනය පුළුල් කිරීමට යෝජනා රාශියක් ඉදිරිපත් කර ඇති බවත්, ලබන වසර ආරම්භයේ සිට හඳුනාගත් ප්‍රධාන ක්ෂේත්‍ර හතරක එම ප්‍රතිසංස්කරණ ක්‍රියාවට නංවන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයේ සිව්වන උපාධි ප්‍රදානෝත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් එක්වෙමිනි.

නාගානන්ද ජාත්‍යන්තර බෞද්ධ අධ්‍යාපන ආයතනයේ උපකුලපති ආචාර්ය බෝදාගම චන්දිම නායක ස්වාමීන් වහන්සේ ඇතුළු දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්විය. මෙහිදී උපාධි අපේක්ෂකයින් 97දෙනෙකුට උපාධිය පිරිණමන ලදී. දර්ශන ශූරී උපාධිධාරීන් 10ක්,  ශාස්ත්‍රපති  උපාධිධාරීන් 48ක් සහ ප්‍රථම උපාධිධාරීන් 39 දෙනෙකුගෙන් සමන්විත  එම පිරිස අතර විදේශීය සිසුන් 06දෙනෙක් ද වූහ.  

මෙවර අයවැයෙන් සියලු පර්යේෂණ ක්ෂේත්‍ර සඳහා රුපියල් මිලියන අට දහසක් වෙන්ව ඇති බවද විවිධ හේතූන් මත වසර ගණනාවක් තිස්සේ ප්‍රමාද වූ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනයට අදාළ ක්‍රියාවලින් රැසක් අදියරෙන් අදියර ක්‍රියාවට නැංවීමට තමා සූදානම්ව සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවත් අධ්‍යාපන අමාත්‍යංශයත්  රාජ්‍ය විශ්වවිද්‍යාල සියල්ලමත්  එක්ව ජාත්‍යන්තරව පිළිගත් ඉහළ ශ්‍රේණිගත කිරීම්වල සිටින විශ්ව විද්‍යාල සමග  ශාස්ත්‍රීය පර්යේෂණ සම්බන්ධතා වැඩි දියුණු කිරීමට කටයුතු කරන බවද පෙන්වා දුන් අමාත්‍යවරයා ඔස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයක් පසුගියදා මෙරට  විද්‍යාර්ථීන් වෙනුවෙන් මෙතෙක් පිරිනැමූ ආචාර්ය උපාධි සංඛ්‍යාව හතළිහක් දක්වා ඉහල නැංවීමටද පියවර ගෙන ඇති බව සිහිපත් කළේය.

ජාතික අධ්‍යාපන විද්‍යා පීඨ වලින් 2028 වර්ෂයේදී නිකුත් වීමට නියමිතව සිටින 2024 වර්ෂයේ බඳවාගන්නා ශික්‍ෂණ ලාභීන් අධ්‍යාපනවේදී උපාධිධාරින් ලෙස අධ්‍යාපන පද්ධතියට මුදා හැරෙන බවත් පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට එමගින් විශාල පිටුබලයක්  ලැබෙනු ඇති බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය.

දරුවන් පාසල් අධ්‍යාපනය වෙනුවෙන් ගත කරන කාලය වසරකින් අඩුකිරීමටත් එමගින් උපාධි සහ පශ්චාත් උපාධි ලබාගැනීමට අඩු වයස් කාලයක් තුළ ඉඩ ප්‍රස්තා ලබාදිය හැකි බවත් දියුණු රටවල දරුවන් උපාධිලාභීන් ලෙස සරසවි වලින් නිකුත් වන විට අපේ දරුවන් උසස් පෙළ පළමු වසරෙහි සිටින තත්ත්වයක් දැනට පවතින බවත් එම වෙනස ඉවත් කළ යුතු බවත් අමාත්‍යවරයා අවධාරණය කළේ ය.

එමෙන්ම දරුවන්ගේ විභාගවල බර අඩු කිරීමට පියවර ගන්නා බවත් පෙර පාසල් මට්ටමේ සිට මෙරට අධ්‍යාපන පද්ධතියේ සුවිශේෂ වෙනස්කම් රැසක් ඇති කිරීමට සැලසුම් කර ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍ය සහ රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල  නියාමනය සඳහාත් වෘත්තීය අධ්‍යාපන ආයතන නියාමනය සඳහාත් වෙන් වෙන් වශයෙන් කොමිසන් සභා පත්කිරීමට යෝජනා කර ඇති බවත් ජාතික අධ්‍යාපන කොමිසම මගින් ඒවායේ ගුණාත්මක භාවය පරීක්ෂාවට ලක් කිරීමට පියවර ගනු ලබන බවත් මීට අදාළ පනත් මේ වන විටත් කෙටුම්පත් කර කැබිනට් මණ්ඩලයට යොමු කර ඇති බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ඉදිරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ඔස්සේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සාමාන්‍ය උසස් සහ වෘත්තීය අධ්‍යාපනය ජාත්‍යන්තර මට්ටමින් පිළිගත් ගුණාත්මක සංවර්ධන මට්ටමකට පත් කිරීම  තම අපේක්ෂාව බවද වැඩිදුරටත් කරුණු දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.