විල්පත්තුවේ සතුන්ට වනජීවියෙන් වතුර
- 2023-07-26 15:51:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මේ දිනවල පවතින වියළි කාලගුණ තත්වය හේතුවෙන් විල්පත්තුව ජාතික වන උද්‍යානය තුළ ජල මට්ටම සිග්‍ර ලෙස පහල යාමත් සමග කෘතිම පොකුණු වෙත ජලය පිරවිම ආරම්භ කල බව විල්පත්තුව ජාතික වන උද්‍යාන පාලක සුරංග රත්නායක මහතා පවසයි.
විල්පත්තුව ජාතික වන උද්‍යානය පුත්තලම,අනුරාධපුරා හා මන්නාරම දිස්ත්‍රික්ක වලට මායිම්ව පිහිටා ඇති අතර හෙක්ටයාර් 131690 ක් පුරා විහිදි පවති.
විල්පත්තුවේ ස්භාවික විල්ලු 50 කට ආසන්න සංඛ්‍යාවක් පිහිටා ඇති අතර පවතින නියං කාලගුණ තත්වය හේතුවෙන් මේ වන විට ස්භාවික විල්ලු රැසක ජලය සිදි යමින් ඇති බව වනජීවි නිළධාරින් පවසයි.
විල්ලු වල ජලය සිදි යන කාලවලට වන සතුන්ට ජලය ලබා දීමට සකසා ඇති කෘතිම පොකුණු 25 කට ආසන්න ප්‍රමානයක් වෙත මේ වන විට බවුසර් මගින් ජලය දැමිම සිදුවන බව වනජීවි නිළධාරින් පවසයි.
මෙම කෘතිම පොකුණු වෙත සතිපතා ජලය දැමිම සිදුවන බවත් වන සතුන් මෙම පොකුණු වෙත පැමින පිපාසය නිවා ගැනිමට පුරුදුව සිටින බව වන නිළධාරිහු පවසති.
කෙසේ වෙතත් විල්පත්තුව වන වන උද්‍යානය පුත්තලම මායිමේ කළාඔයේ ජල මට්ටම තවමත් පවතින නමුත් ඇතැම් වන සතුන් ජල පිපාසය නිවා ගැනිමට සැතපුම් ගනනක් පැමිණ කළාඔයේ ජලය බීමට පුරුදුව ඇති බවත් කියයි.
Reply To:
Name - Reply Comment
0 Comments