Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහා ම උසස් පෙළ අධ්‍යයන කටයුතු ආරම්භ කර විශ්වවිද්‍යාල ප්‍රවේශය ද කඩිනම් කිරීමෙන් දරුවන්ගේ කාලය අපතේ යෑම වැලැක්වීම උදෙසා අධ්‍යාපන අමාත්‍යාංශය අදාළ පියවර ගනිමින් සිටින බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

අපොස උසස් පෙළ විභාගයෙන් දිවයිනේ විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් සිසු සිසුවියන් ඇගයීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දි අද පැවති වැඩසටහනකට එක් වෙමින් ඒ මහතා මේ බව පැවසී ය. ඒ අනුව වයස අවුරුදු 16 ඉක්මවන විට දී උසස් පෙළත් 18 වැනි විය ඉක්මවද්දී පාසල් අධ්‍යාපනයත් නිමා කර කඩිනමින් විශ්වවිද්‍යාල ප්‍රවේශයට අවස්ථා විවර කිරීමේ අරමුණින් මේ වන විට අතපසු වූ අධ්‍යයන කටයුතු නිමා කිරීමට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ද එක වර කණ්ඩායම් දෙකක් අධ්‍යයන කටයුතුවල නිරත වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, ප්‍රතිඵල නිකුත් වීමටත් ප්‍රථම උසස් පෙළ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමේ අභියෝගයට සාර්ථක ව මුහුණ දෙමින් මේ වන විට ආරම්භ කර ඇති උසස් පෙළ විෂය ධාරාව සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරු වත් අඛණ්ඩ ව ඉදිරියට පවත්වාගෙන යන බවයි. එහි දී දරුවන්ගේ ප්‍රතිඵල සම්බන්ධ දළ පෙරකියවීමක් එම දරුවන්ට, දෙමාපියන්ට, ගුරුවරුන්ට පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු උසස් පෙළ විෂය ධාරා තෝරාගෙන අධ්‍යයන කටයුතු ආරම්භ කිරීම දක්වා මාස 4-5ක පමණ කාලයක් අපතේ යෑමක් මින් පෙර සිදු වුවත් ඉදිරියේ දී එලෙස සිදු නොවී මේ සතියේ උසස් පෙළ පන්ති ආරම්භ කරන සිසුන්ට නියමිත වසර දෙක අවසන දී උසස් පෙළ විභාගයට මුහුණ දීමට අවස්ථාව හිමි වන බවත් මේ වසරේ දී නොවැම්බර් මස ආරම්භ වන උසස් පෙළ විභාගය 2025 වර්ෂය වන විට සැප්තැම්බර් මාසයේ පැවැත්විය හැකි වන බවත් මෙහි දී පැවසී ය.

පාසල් පද්ධතියේ හා විශ්වවිද්‍යාල පද්ධතියේත් කඩිනම් ව සිදු කෙරෙන මෙම අධ්‍යයන කටයුතු සාර්ථක ව පවත්වාගෙ යාම සඳහා අවශ්‍ය භෞතික සම්පත් ලබා දීමට ද හැකි පමණ උත්සහ දරන බව ද කී අමාත්‍යවරයා කිසි දු දරුවකුගේ කාලය අපතේ නොයවා දක්ෂ දරුවන්ට වේගයෙන් ඉදිරියට ගොස් නව ලොව දැනුම හඹා යමින් පර්යේෂණවල නියැලී රටට අත්‍යවශ්‍ය නවෝත්පාදන බිහි කිරීමේ අවකාශ විවිර කිරීම ද මෙම ක්‍රියාදාමයන්හි ප්‍රධාන අරමුණක් බව ද පැවසී ය.

තාක්ෂණය හා දැනුම ශීඝ්‍රයෙන්‍ වෙනස් වන ලෝකයේ පොදු රාජ්‍ය මණ්ඩලය තුළ පවා කතා බහ වන  කෘත්‍රීම බුද්ධිය වැනි විෂයන් සම්බන්ධ අද්දැකීම් ද ශිෂ්‍ය ප්‍රජාවට ලබා දිය යුතු ව ඇති බවත් ඊට පෙර එම විෂය භාවිතයට අදාළ නීති පද්ධතිය සම්පාදනය කළ යුතු බව ද සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසී ය.

එමෙන් ම දේශගුණ විපර්යාසවලට මුහුණ දීමේ ඛේදනීය තත්වයක් ‍ගෝලීය වශයෙන් ම ව්‍යාප්ත වී පවතින වර්තමානයේ යුනෙස්කෝ සංවිධානයෙන් පවා පවසා ඇත්තේ පාරිසරික වෙනස්වීම් පිළිබඳ පළමු ශේණියේ සිට ම සියලු‍ දරුවන්ට දැනෙන ආකාරයෙන් වටහා දිය යුතු බවයි. ජාත්‍යන්තර වශයෙන් මෙවැනි විෂයන් පිළිබඳ කතාබහක නියැලෙද්දී අප තවමත් වැටුප් විෂමතා, වර්ධකවල ම එල්ලී සිටීම, පාසල් විශ්වවිද්‍යාල වසා තැබීම වැනි තත්වයන් පැවතීම මත දරුවන්ට පාසල නීරස තැනක් වීමේ ඉඩකඩ දිගින් දිගට ම වැඩි වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ තමන් සිටින කාලය තුළ නිදහස් අධ්‍යාපන අවස්ථා අහිමි වීමට කිසි සේත් ඉඩ නොතබන බවයි. එමෙන් ම රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ශක්තිමත් කරන අතර ම පෞද්ගලික අධ්‍යාපනය ලැබීමේ අයිතිය ද සමාජය තුළ තහවුරු කර තුලනාත්මක ව පවත්වාගෙන යා යුතු බව ප්‍රකාශ කළ ඒ මහතා විශ්වවිද්‍යාල ප්‍රවේශයේ දී දිස්ත්‍රික් පදනම මත දරුවන්ට මුහුණ පෑමට සිදු වන ගැටලු‍ සම්බන්ධයෙන් ද සඳහන් කරමින් මෙහි දී පැවසුවේ වසරින් වසර එම ලකුණු මට්ටම් සංශෝධනය කළ යුතු බවයි.

නිදහස් අධ්‍යාපන අවස්ථා අහිමි වන දරුවන්ට සිය දක්ෂතා මට්ටම හා අභිමතය පරිදි මෙරට හෝ පිටරට උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථා තහවුරු කර දීම කළ යුතු බවත් එවැනි ගැටලු‍ නිරාකරණය කරන අතර ම විශ්වවිද්‍යාල පද්ධතිය හා ඒවායේ තාක්ෂණික උපාංග හා උපකරණ මෙන් ම සම්පත් යාවත්කාලීන කරමින් කඩිනමින් වැඩිදියුණු කළ යුතු ව ඇති බවත් සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙහි දී සඳහන් කළේ ය.

මේ අවස්ථාවට අධ්‍යාපන ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් මෙන් ම විදුහල්පතිවරුන්, ගුරුවරුන් හා ඇගයීම්ලාභී සිසු සිසුවියන්ගේ දෙමාපියන් ඇතුළු පිරිසක් එක් ව සිටියහ. එහි දී අබාන්ස් ආයතනය මගින් එම සිසුන් විශේෂ ඇගයීමකට ලක් කරමින් එම සිසුන්ට ලැප්ටොප් සහ ටැබ් පරිගණක ලබා දීම ද සිදු විය. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.