ශ්‍රී ලංකාවේ ප්‍රථම වීදි පුස්තකාලය
- 2022-06-07 16:24:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
දෙරටක රාජ්‍ය අනුග්‍රහයෙන් ක්‍රියාත්මක ශ්‍රී ලංකාවේ ප්‍රථම නිදහස් වීදි පුස්තකාලය විවෘත කෙරේ. ශ්‍රී ලංකාවේ පකිස්තානු තානාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් කුමාර ෆාරුක් බුර්කා මහතා එම පුස්තකාලය විවෘත කර නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් උදය නානායක්කාර මහතාට පසුගිය දා භාරදුන්නේය.
කොළඹ 07, තුරඟ තරග පිටිය පරිශ්‍රයේ පිවිසුම් දොරටුව අසල පිහිටි මෙම පුස්තකාලය රුපියල් මිලියන 2.3 ක වියදමකින් පකිස්තානු රජය විසින් ඉදිකර තිබේ. මෙය ක්‍රියාත්මක කෙරෙන්නේ ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසයි.
"නිදහස් විවෘත වීදි ආශ්‍රිත පුස්තකාලය" සහ "වීදි ආශ්‍රිත පුස්තකාලය" ලෙස හැදින්වෙන මෙය, විසිහතර පැයේම විවෘතව පවතියි. භාරකරුවකු හෝ ආරක්ෂකයකු නොමැතිව ක්‍රියාත්මක වන ස්වයං සේවා පුස්තකාලයක් වන මෙය ජාති, ආගම්, කුල - මල භේදයකින් තොර ඕනෑම අයෙකුට පරිහරණය කිරීමේ හැකියාව පවතියි. කැමති අයෙකුට, ඕනෑම භාෂාවකින්, ඕනෑම විෂයක් යටතේ ලියන ලද පොත් මෙම පුස්තකාලයට පරිත්‍යාග කිරීමේ හැකියාව පවතියි.
මෙහි ඇති පොත් පුස්තකාලය පිහිටි පරිශ්‍රයෙන් බැහැරට ගෙනයාමට අවසර හිමි නොවන අතර, දැනුම ලබාදීම, කෙටි කියවීම මෙන්ම දීර්ඝ කියවීම සඳහා අවස්ථාව සැලසීම මෙහි මූලික පරමාර්ථය වී තිබේ. සියලු පාඨකයන්ට පුස්තකාලය නොමිලේ පරිහරණය කිරීමේ අවස්ථාව ද හිමිකර දී ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments