Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පහේ ශිෂ්‍යත්ව විභාගය 2029 වසර දක්වා නොවෙනත්ව පැවැත්වෙන බවත් එක්වරම ශිෂ්‍යත්වය අත්හිටුවීමට කටයුතු නොකරන බවත් අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් අසන ලද පැනයකට පිළිතුරු ලබාදෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අද (20දා) පාර්ලිමේන්තුවේදි පැවැසිය.

2029  වසරෙන් පසුව ශිෂ්‍යත්වය පැවැත්වීම සම්බන්ධයෙන් 2028 වසරේ දී සලකා බැලීම සඳහා කමිටුවක් පත්කිරීමට නියමිතව ඇතැයි ද වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පැවසීය.

විභාග පීඩනය අඩු කිරීමට මේ වනවිටත් විභාග දෙපාර්තමේන්තුව සැලැස්මක් සකස් කරමින් පවතින බවත් දැනට පාසල් අතර ඇති විෂමතාවයන් ක්‍රමානුකූලව නැති කිරීමට හා ශිෂ්‍යත්වය මඟින් දරුවන්ට ඇති වන පීඩනය අඩු කිරීමට ඉදිරියේ දී කටයුතු කරන බවත් ඒ් මහතා පැවැසීය.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.