ශිෂ්‍යත්වය සැප්තැම්බර් 15
- 2024-05-22 13:30:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
5 ශ්‍රේණිය සිසුන් සඳහා මෙවර ශිෂ්‍යත්ව විභාගය 2024 සැප්තැම්බර් 15 වන ඉරුදින පැවැත්වෙන බව විභාග දෙපාර්තුමේන්තුව අද (22) නිවේදනය කළේ ය.
ඒ සඳහා, 2024 මැයි මස 27 දින සිට 2024 ජූනි මස 14 වන දින දක්වා මාර්ගගතව (online) අයදුම්පත් කැඳවීම සිදු කරන බව විභාග කොමසාරිස් ජනරාල් එච්.ජේ.එම්.සී. අමිත් ජයසුන්දර මහතා එම නිවේදනය මගින් දැනුම් දෙයි.
ශිෂ්‍යාධාර ලබාගැනීම සඳහාත් ජනප්‍රිය පාසල් ලබා ගැනීම සඳහාත් අවස්ථාව ලැබෙන 5 ශිෂ්‍යත්ව විභාගය සඳහා ඉදිරිපත් විය හැක්කේ රජයේ පාසල් හෝ රජය විසින් අනුමත කරනු ලබන පාසල් වන 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ට පමණක් බව එම නිවේදනයේ දැක්වේ.
මෙම විභාගය සමත්වන දරුවන්ගෙන් ශිෂ්‍යත්ව ලබා ගැනීමට සුදුසුකම් ලැබෙන්නේ අඩු ආදායම්ලාභී පවුල්වල 2025 ජනවාරි 31 කියන දිනට වයස අවුරුදු 11ට අඩු සිසුන් සඳහා පමණක් බවද විභාග කොමසාරිස්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
අයදුම්පත් පිරවීම සඳහා අදාළ උපදෙස් සහ 5ශිෂ්‍යත්ව විභාගයේ ව්‍යවස්ථා මාලාව httpsi//on-line exams.gov.lk./eic වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් ලබාගත හැකිය.
කමල් ශ්‍රී ලියනගේ
Reply To:
Name - Reply Comment
0 Comments