සඳේ ජලය ගැන චීනයෙන් නව සොයා ගැනීමක්
- 2022-12-14 10:03:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
බීජිං, (Xinhua) --චීනයේ Chang'e-5 මෙහෙයුම මගින් ලබා ගත් චන්ද්‍ර සාම්පල අධ්‍යයනය කිරීමෙන් පසු චන්ද්‍රයා මත කලින් සිතුවාට වඩා ජලය ඇති බවට චීන විද්‍යාඥයින් තහවුරු කර ගෙන තිබේ.
මෙම සොයා ගැනීම මත විද්‍යාඥයන් අනාවැකි පළ කරන්නේ චන්ද්‍රයාගේ උස් අක්ෂාංශ ප්‍රදේශයේ ප්‍රයෝජනයට ගත හැකි ජල සම්පත් විශාල ප්‍රමාණයක් පවතින බවයි.
සඳ මත මතුපිට ජලය පවතින බව විද්‍යාඥයන් මීට පෙර සොයා ගෙන තිබුණි. නමුත් ජලය සඳ මත රැඳෙන්නේ කෙසේද? චන්ද්‍ර පසෙහි කොපමණ ජලය තිබේද? ජලය අවකාශීයව බෙදා හරිනු ලබන්නේ කෙසේද? යන්න චීනයේ Chang'e-5 මෙහෙයුම මගින් චන්ද්‍ර පස් සාම්පල අධ්‍යයනයෙන් මෙම ප්‍රශ්නවලට නව මාවතක් හෙළිව තිබේ.
චීන විද්‍යා ඇකඩමිය (CAS) යටතේ ඇති ජාතික අභ්‍යවකාශ විද්‍යා මධ්‍යස්ථානයේ (NSSC) සහ භූ විද්‍යා හා භූ භෞතික විද්‍යා ආයතනයේ (IGG) විද්‍යාඥයින් විසින් එක්ව මෙහෙයවන ලද පර්යේෂණ කණ්ඩායම මේ පිළිබඳව ජාතික විද්‍යා ඇකඩමියේ Proceedings සඟරාවේ ප්‍රකාශයට පත් කළේය.
Reply To:
Name - Reply Comment
0 Comments