Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

සබරගමුව විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ආහාර විද්‍යා තාක්ෂණ අංශයේ සිව්වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවියන් පිරිසක් විසින් නව සොයා ගැනීම් රැසක් සහ නව නිෂ්පාදන රැසක් හදුන්වා දී මට පියවර ගෙන තිබේ.

එම නිෂ්පාදන අතර කෙසෙල් බඩ අල පිටි බවට පත් කර එම පිටි වලින් පාන්,නූඩ්ල්ස්, මුරුක්කු සහ අලුවා නිෂ්පාදනය කිරීමට සිසුවියන් කටයුතු කර ඇත.

ඵ් අනුව එම අංශයේ සිතාරා හේරත් සිසුවිය විසින් කතුරු මුරුංගා කොල පිටි බවට පත් කර සුප් කැටයක් නිෂ්පාදනය කර ඇති අතර එය මාස හයක් පමණ කල් තබා ගැනීමට හැකියාව තිබේ.

ඊට අමතරව එම අංශයේ අධ්‍යාපනය ලබන කුෂ්ලානි ද අල්විස් සිසුවිය විසින් බිං කෙසෙල් ගෙඩි වලින් චොකලට් එකක් නිෂ්පාදනය කර ඇති අතර ලෝකයේ කිසිම රටක චොකලට් වල නොමැති තන්තු මෙහි අඩංගු බව ඇය පැවසුවාය.

එම අංශයේ ඉගෙනුම ලබන සිසුවියක් වන උපේකා ඵ්කනායක සිසුවිය විසින් ලුණු කොල වලින් පවුඩර් ( පිටි) නිෂ්පාදනය කර ඇති අතර එය වෑංජන වලට එක්කල පසු ඉතා රසවත් බව ඇය පැවසු අතර එම පවුඩර් මාස හයක් පමණ කල්තබා ගත හැකිය.

යකි නාරං කොල වලින් තේ වෙනුවට පානය කිරීමට අපුරු නිෂ්පාදනයක් එම අංශයේ ඉගෙනුම ලබන සිසුවියක් වන මදුෂි පොද්දෙනිය සිසුවිය විසින් කටයුතු කර තිබේ.

එම අංශයේ ඉගෙනුම ලබන සිසුවියක් වන අබිෂේකා ජයතිස්ස සිසුවිය විසින් අලු කෙසෙල් අල වලින් ලබා ගත් පිටි වලින් කේක්, මුරුක්කු සහ අලුවා නිෂ්පාදනය කිරීමට කටයුතු කර තිබේ.

මෙ අතර ඇබුල් කෙසෙල් අල පිටි බවට පත් කර පත්කර එම පිටි උපයෝගි කරගෙන පාන් නිෂ්පාදනය කිරීමට එම අංශයේ ඉගෙනුම දිල්ෂානි වික්‍රමගේ සිසුවිය කටයුතු කර ඇත.

ඊට අමතරව ඇමිබුන් කෙසෙල් අල පිටි බවට පත් කර එම පිටි වලින් නූඩ්ල්ස් එකක් නිෂ්පාදනය කිරීමට එම අංශයේ ඉගෙනුම අමියා ධනසේකර සිසුවිය කටයුතු කර ඇති අතර එය ඇල් වතුර මිශ්‍රකර ආහාරයට ගත හැකි බව ඇය පැවසුවාය.

එම අංශයේ අධ්‍යාපනය ලබන සසංකා විමල සුරිය සිසුවිය විසින් පොකුරු වද මල් පිටි බවට පත් කර දමි පාටින් යුක්ත ඉතා රසවත් පානයක් නිෂ්පාදනය කර ඇත.

ඊට අමතරව එම අංශයේ ඉගෙනුම ලබන ඉමල්කා චන්ද්‍රසේන සිසුවිය විසින් අලු කෙසෙල් අල පිටි බවට පත් කර යෝගට් එකක් නිෂ්පාදනය කිරීමට කටයුතු කර ඇත.

 වයි.ඵ්.ඵස් වීරවංශ

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.