Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ පාසල් වසා තැබීම නිසා අතපසු වූ අධ්‍යයන කටයුතු හා පාසල් විභාග කාලසටහන යථාවත් කිරීමේ වැඩපිළිවෙළ අනුව මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට එම විභාගය අවසන් වූ වහා ම අපොස උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සිදු වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ජාතික අධ්‍යාපන ආයතනයේ නිල අන්තර්ජාල ගුවන් විදුලි නාලිකාව (NIE Visual Radio) ආරම්භ කිරීමේ වැඩසටහනට ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ දී ය.

 මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම අභියෝගාත්මක කාර්යය සිදු කිරීම සඳහා ගුරුභවතුන්ගේ ද දැඩි කැපවීමක් අවශ්‍ය බවයි. ඒ සඳහා මේ වන විටත් උසස් පෙළ විද්‍යා, ගණිත, තාක්ෂණවේදය හා විදේශ භාෂා විෂය ධාරා ඉගැන්වීමට අලු‍තෙන් ගුරුවරුන් 3000ක් බඳවා ගන්නා බවත් මේ සතිය තුළ ඔවුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පවත්වා අවසන් වන බවත් මෙහි දී පැවසූ අමාත්‍යවරයා 1 සිට 11 දක්වා පමණක් පන්ති පවතින පාසල්වල දරුවන් උසස් පෙළ හැදෑරීමට වෙනත් පාසලකට ඇතුළත් වීමේ ගැටලු‍වක් මෙහි දී මතු වන බැවින් ඊට විසඳුම් ලෙස අමාත්‍ය මණ්ඩල සන්දේශයක් හරහා අනුමැතිය ලබාගෙන එම පාසල්වල දරුවන්ට ප්‍රතිඵල ලැබෙන තෙක් අවශ්‍ය පාසල්වලට සුදුසු පරිදි අනුයුක්තයක් ලබා දීමට ක්‍රියා කරන බව ද සඳහන් කළේ ය. මෙවැනි ක්‍රියා මාර්ග ගැනීමේ අරමුණ පාසල් දරුවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඇති විය හැකි ප්‍රමාදයන් වැනි අනිසි ප්‍රමාදයන් වලක්වාගනිමින් මෙම වසරත් සමග වසර දෙකක කාලයක් තුළ පසුගිය කොවිඩ් සමයේ අතපසු වූ අධ්‍යයන කටයුතු යථා තත්වයට ගෙන ඒම බවත් එය සාර්ථක කරගැනීමට සියලු‍ දෙනාගේ ම සහයෝගය හා කැපවීම අත්‍යවශ්‍ය බවත් ප්‍රකාශ කළේ ය.

ජාතික අධ්‍යාපන ආයතනයේ නිල අන්තර්ජාල ගුවන් විදුලි නාලිකාව විකාශය වීමේ සමාරම්භක අවස්ථාවට යුනිසෙෆ් ආයතනයේ ශ්‍රී ලංකා නියෝජිත ක්‍රිස්ටියන් ස්කූග්(Christian Skoog)  හා ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ප්‍රසාද් සේතුංග යන මහත්වරුන් ඇතුළු නිලධාරීහු සහභාගි වී සිටියහ.

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.