Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෙවර අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල වලින් දිවයිනේ ප්‍රථම ස්ථානය ලබා ගැනීමට මහනුවර මහමායා බාලිකා විදුහලේ සමාධි අනුරාධා රණවක සිසුවිය සමත්ව සිටී.

පළමු වසරේ සිට මහමායා බාලිකා විදුහලේ අධ්‍යාපනය හදාරා ඇති ඇයගේ පියා මධ්‍යම පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් වරයා වශයෙන් කටයුතු කරන අතර මව දේශානි කරුණාතිලකය.

සාමාන්‍ය පෙළ විභාගයෙන් තමන්ට ඒ සමස්ත 09 ක් ලැබෙනු ඇති බව අනුමාන කළත් දිවයිනේ ප්‍රථම ස්ථානය ලැබේයැයි නොසිතූ බු බවද ඇය පවසයි.

සමාධිගේ වැඩිමහල් සහෝදරිය වන දෙව්මිණි රණවක උසස් පෙළ විභාග ප්‍රතිඵල අනුව ජීව විද්‍යා අංශයෙන් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමට සුදුසුකම් ලබා සිටින අතර අනෙක් සහෝදරිය වන යශෝධරා රණවක ජීව විද්‍යා අංශයෙන් මහනුවර මහමායා බාලිකා විදුහලේ උසස් පෙළ හදාරමින් සිටි.

තම ජයග්‍රහණය පිටුපස විදුහල්පතිනිය ඇතුළු ගුරු මණ්ඩලය ද දෙමව්පියන්ගෙන් හා සහෝදරියන් දෙදෙනාගෙන් ලැබුණ ලැබුණු සහය අගය කරන බවද ඇය පැවසීය .

මහමායා බාලිකා විදුහලේ විදුහල්පතිනිය වන ශෂිකලා සේනාධීර මහත්මිය පවසා සිටියේ සමාධි සිසුවිය පාසලට විශාල කීර්තියක් ලබා දුන් බවත් මහමායා විදුහලේ ආදි ශිෂ්‍යාවක සහ විදුහල්පතිනිය වශයෙන් එම සිසුවියගේ ජයග්‍රහණය පිළිබඳව ආඩම්බර වන බවයි .

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.