සාපෙළ විද්‍යා ප්‍රශ්න පත්‍රය ගැන අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරිමක්
- 2025-03-24 07:40:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ සංසරනය වන ව්‍යාජ පුවත් වලට නොරැවටෙන ලෙස සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කර තිබේ.
අ.පො.ස සාමාන්‍ය පෙළ විද්‍යාව විභාග ප්‍රශ්න පත්‍රය සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ සංසරණය වන ව්‍යාජ පුවතක් පිළිබඳව කරුණු පැහැදිලි කරමින් මෙම නිවේදනය නිකුත් කර ඇත.
අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විභාග දෙපාර්තමේන්තුවේ නම අවභාවිතා කරමින් ව්‍යාජ ලෙස සැකසූ නිවේදනයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළ සංසරණය වේ.
එම නිවේදනයට අනුව “මෙවර ප්‍රශ්න පත්‍රය විෂය බාහිරට ගොස් ප්‍රශ්න රටාව වෙනස්කොට සකසා ඇති අතර ඊට පිළියමක් වශයෙන් විද්‍යාව විෂය සඳහා මුහුණ දුන් සියලු සිසුන්ට අමතර ලකුණු 08ක් හිමිවන බවත් ඒ ඒ සාමාර්ථයන් සඳහා වන ලකුණු මට්ටම් ලකුණු 10කින් අඩු කර තිබෙන බව ද විශිෂ්ට සාමාර්ථයක් ලකුණු 65කට වඩා ලබාගත් සෑම කෙනෙකුට ම හිමි” බව සඳහන්කර තිබේ.
එබැවින්ඉහත ප්‍රකාශය ව්‍යාජ ලෙස සකසා සමාජ මාධ්‍ය තුළ පමණක් සංසරණය වීමට සලස්වා ඇති බවත් එවැනි කිසිදු තීන්දුවක් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අමාත්‍යාංශය හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව විසින් ගෙන නොමැති බවත් මහජනතාව වෙත දැනුම් දෙමු.
එමෙන් ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය හෝ විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රවෘත්ති නිවේදන නිකුත් කිරීම සිදු කරනු ලබන්නේ නීත්‍යනුකූල ව ලියාපදිංචි ජනමාධ්‍ය ආයතන සහ අන්තර්ජාල වෙබ් අඩවි සඳහා පමණි. ඒ සෑම නිවේදනයක් ම අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංාශයේ ලිපි ශීර්ශය සහිත ව හෝ ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ ලිපි ශීර්ශය සහිත ව අදාළ බලධාරියාගේ අත්සන ද සහිත ව අධ්‍යාපන අමාත්‍යාංශයීය මාධ්‍ය ඒකකය විසින් මාධ්‍ය වෙත නිවැරැදි සුපරීක්ෂණයකින් පසුව සිදු කෙරේ. එමනිසා එවන් ව්‍යාජ පුවත්වලට නොරැවටෙන ලෙස මහජනතාවගෙන් කාරුණික ව ඉල්ලා සිටිමු.
Reply To:
Name - Reply Comment
0 Comments