සාපෙළට ලියන 74 හැවැරිදි සීයා
- 2022-05-29 13:55:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
මෙවර අ.පො.ස සාපෙළ විභාගයේ විද්‍යාව හා ගණිතය යන විෂයන් සදහා 74 වැනිවියේ පසුවන නෙළුව කළුබෝවිටියන ප්‍රදේශයේ පදිංචි චන්ද්‍රදාස ගොඩගේ මහතා ඉල්ලුම්කොට තිබු අතර ඔහු විද්‍යා විෂය සදහා ඊයේ (28) වැනි දින පෙනී සිටි අතර හෙට (30දා) දින ගණිතය විෂය සඳහා නෙළුව ජාතික පාසලේ විභාග මධ්‍යස්ථානයේ දි පෙනී සිටී.
පසුගිය වර්ෂයේ පැවති අ.පො.ස සාපෙළ විභාගයේ විද්‍යා විෂය සදහා ගොඩගේ මහතා පෙනි සිටි අතර එම විෂය සදහා එස් සාමාර්ථයක් ලබාගත් බවද හෙතෙම පවසයි. සාපෙළ විභාගයට පෙනී සිටීම පිළිබදව චන්ද්‍රදාස ගොඩගේ මහතා මෙසේ පැවසීය.
“දැන් මට වයස අවුරුදු 74ක් වෙනවා. 1970 වර්ෂයේ දි තමයි මුල්වරට අ.පො.ස සාමන්‍ය පෙළ විභාගයට පෙනි සිටියේ. කලා අංශයන් තමයි විභාගයට පෙනි සිටියේ. අලපලාදෙණිය මහා විද්‍යාලයේ තමයි ඉගෙන ගත්තේ.
එම විභාගයෙන් විෂයන් හතයි සම්මාන හතරක් ලබා ගත්තා. නමුත් ඒකාලයේ දේශපාලන බලපෑම් නිසා විභාගය සමත්වුවත් රැකියාවක් ලබාගන්න බැරිවුණා. මම විභාගවලට පෙනී සිටින්නේ ඉගෙන ගන්න තියෙන ආසාවට. විභාගයක් තියෙනවානම් මට ඉල්ලුම්කරන්න හිතෙනවා.
පොත්පත් කියවලා තමයි දැනුම ලබාගන්නේ. විද්‍යාව විෂය පිළිබද මට සාමාන්‍ය දැනුමක් තියෙනවා. මෙවර විද්‍යා ප්‍රශ්න පත්‍රය ගිය වසරට වඩා අමාරුයි. ඉගෙන ගැනිම විභාගයකට පෙනිසිටම කාලයකට සිමාකරන්න බැහැ. මිය යනතුරුඉගෙන ගන්න ඕන. ඉගෙන ගැනිමට දේවල් තියෙනවා දැන් විභාගවල විෂය නිර්දේශයන් වෙනස්වෙලා. නවිකරණය වෙලා.
නවිකරණය වු අධ්‍යාපන ක්‍රමයක් තියෙන්නේ. ඒ කාලයේ වගේ නෙමෙයි දැන් අධ්‍යාපන කටයුතු කරගෙන යන්න පාසල් දරු දැරියන්ට ඕන තරම් පහසුකම් තියෙනවා.. අපිට ඒ කාලයේ කිසිදු පහසුකමක් තිබුණේ නැහැ. දැන් උපකාරක පංති තියෙනවා. මාධ්‍ය මගින් ඉගෙන්විමේ කටයුතු කරනවා. ඉන්ටනෙට් තියෙනවා, පුවත්පත් මගින් ඉගෙන ගන්න පුළුවන්. අධ්‍යාපනයෙන් උපරිම ප්‍රථිපල ගන්න කියලා පාසල් දරු දැරියන්ගෙන් ඉල්ලා සිටිනවා.
“තිබු තැනක සොරසතුරන් ගත නොහෙනා.
එසනාමන වන් වතුරෙන් වන නොහෙනා.
කෝපවුවත් රජමැතිදුන් ගත නොහෙනා
උගතමාන ශිල්පය මයි මතුරැකෙනා” ඉගෙනීමේ ඇති වටිනාකම ගැන චන්ද්‍රදාස ගොඩගේ මහතා කවිය ගායනා කරමින් එසේ කීවේය.
රවීන්ද්‍ර ශ්‍රී ලාල්
Reply To:
Name - Reply Comment
0 Comments