සිසුන් 337,956ක් අද ශිෂ්‍යත්වයට ලියයි
- 2023-10-15 08:35:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද පැවැත්වීමට නියමිත ව තිබේ.
මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අපේක්ෂකයන් 337,956 දෙනෙකු පෙනී සිටීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විභාගය, මධ්‍යස්ථාන 2888ක දී පැවැත්වීමට නියමිත අතර, ඒ සඳහා සියලු කටයුතු මේ වන විට සූදානම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි.
05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සහභාගි වන සියලු අපේක්ෂකයන් පෙරවරු 09 පමණ වන විට විභාග ශාලා වෙත පැමිණීම සිදු කළ යුතු බව විභාග කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කර තිබේ.
මේ අතර, ජල ගැලීම් හේතුවෙන් පීඩාවට පත්වූ මාතර, අකුරැස්ස සහ මුලටියන අධ්‍යාපන කලාපවල විභාග අපේක්ෂකයන්ට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා විභායට පෙනීසිටිමට අවශ්‍ය කටයුතු සැලසුම් කර ඇති බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා සඳහන් කර ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments