හල්දුම්මුල්ලේ පාසල් තුනක් වසයි
- 2023-12-11 15:07:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
අයහපත් කාලගුණයෙහි බලපෑමෙන් හල්දුම්මුල්ල කොට්ඨාසයේ පාසල් තුනක් වසා දමා ඇතැයි ද ඒ ඒ පාසල්වල ඉගෙනුම ලබන දූ දරුවන් අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමට කටයුතු කර ඇති බවද හල්දුම්මුල්ල කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක නිලානි ධම්මිකා මහත්මිය අද (11) පැවසුවාය.
බණ්ඩාරවෙල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ධම්මික හේරත් මහතාගේ උපදෙස් අනුව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන අතර නායාමට ගොදුරු වී අද වැසී ගිය කැලිපානාවෙල විදුහලේ දූ දරුවන් වැල්ලවාය ගම්පහ විදුහලටද ගල් පෙරළී මේ අවදානමක් හේතුවෙන් වසා දමා ඇති බ්ලැක්වුඩ් විදුහලේ දූ දරුවන් හල්දුම්මුල්ල දෙමළ මහා විදුහලටද ,ගොඩනැගිලි කඩා වැටීමේ අවදානම හේතුවෙන් වසා දැමූ මාලදොල විදුහලේ දූ දරුවන් හරංකහව විදුහලටද යොමු කර අධ්‍යාපන කටයුතු සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවද කොට්ඨාස අධ්‍යක්ෂවරිය කීවාය.
එම පාසල් නියමිත තැන්වලම පවත්වාගෙන යාමට අවශ්‍ය කටයුතු යෙදෙන තෙක් තාවකාලික ස්ථානවල ඒ ඒ පාසල් වල ගුරු මණ්ඩල මගින් ම දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කිසිදු බාධාවකින් තොරව කරගෙන යාමට අවශ්‍ය කටයුතු යොදා ඇති බවද කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ නිලානි ධම්මිකා මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
Reply To:
Name - Reply Comment
0 Comments