හිඟුරක්ගොඩ ජාත්‍යන්ර ගුවන් තොටුපොළේ සංවර්ධන කටයුතු අරඹයි
- 2024-07-19 12:05:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
වත්මන් රජයේ තීරණයකට අනුව ශ්‍රි ලංකාවේ ඉපැරණි ගුවන්තොටුපලක් වන හිගුරක්ගොඩ අභ්‍යන්තර ගුවන්තොටුපල ජාත්‍යන්තර ගුවන් මෙහෙයුම් සඳහා නවීකරණය කිරීමට අවශ්‍ය ඉදිකිරීම් කටයුතු 2024.07.19 (අද) දින වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් ආරම්භ කරන ලදී .
මෙම ගුවන්තොටුපල දෙවන ලෝක යුධ සමයේ එංගලන්තයේ රාජකීය ගුවන් හමුදාව වෙනුවෙන් ඉදි කරන ලද අතර එකල මින්නේරිය ගුවන් හමුදා මධ්‍යස්ථානය ( RAF Minneriya ) ලෙස හඳුන්වා ඇත.
රට මධ්‍යයේ පිහිටා ඇති මෙම ගුවන්තොටුපල මඟින් රටේ ආර්ථිකයට ශක්තියක් ලබා ගැනීමේ පරමාර්ථයෙන් යුතුව ජාත්‍යන්තර ගුවන් තොටුපලක් බවට පරිවර්තනය කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු වත්මන් රජය විසින් තීරණය කරන ලදී. ඒ අනුව 2024 අයවැයෙන් මෙහි මුලික ඉදිකිරීම් හා සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට රුපියල් බිලියන 02 ක මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරන ලදී. මෙම මූල්‍ය ප්‍රතිපාදන භාවිතා කරමින් ප්‍රථම අදියර යටතේ දැනට තිබෙන මීටර් 2287 ක දිගින් සහ මීටර් 46 ක පලලින් යුතු ධාවන පථය මීටර් 2500 ක් දක්වා දීර්ඝ කිරීමට කටයුතු කරනු ලබයි.
මෙම සැලසුම් සහගත ධාවන පථයේ සංවර්ධන කටයුතු මාස 06 ක් තුල නිම කිරීමට නියමිතව ඇති අතර, ඉන් අනතුරුව එයාර් බස් 320, බෝයිං B737 යන මාදිලි වල ගුවන් යානා මෙහෙයුම් කටයුතු සිදු කිරීමට හැකි වේ. මෙම සමස්ථ සංවර්ධන කටයතු සඳහා රුපියල් බිලියන 17 ක් පමණ වැය වන බවත්, සියලු ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරනු ලබන අතර, අධීක්ෂණ කටයුතු ගුවන් තොටුපල හා ගුවන්සේවා සමාගම විසින් සිදු කරන බව වරාය නාවික හා ගුවන්සේවා අමාත්‍යංශය අවධාරණය කරයි.
Reply To:
Name - Reply Comment
0 Comments