Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ වෙසෙන කඳුකර ගෝනුන්ට ආහාර ලබා දීමෙන් වළකින ලෙසත්, ජාතික උද්‍යාන නීතිරීති උල්ලංඝනය කරමින් එසේ ආහාර ලබා දෙන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනු ලබන බව හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ වනජීවී නිලධාරීහු පවසති.

හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ වෙසෙන ගෝනුන්ට ආහාර ලබා දෙන අයුරු දැක්වෙන  වීඩියෝවක්  විවිධ සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරන ලද  පුද්ගලයෙකුට එරෙහිව නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වීමට පියවර ගත් බව එම නිලධාරීහු කියති.

මේ පිළිබඳව නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව සැකකරු හට  ලබන ජුනි මස 11 දින නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කොට ඇති බවත්, එම සැකකරු පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති බවද එම නිලධාරීහු සඳහන් කරති.

මෙසේ කඳුකර ගෝනුන්ට කෑම ලබා දෙන පුද්ගලයන්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමේදී ඔවුන් හට විශාල දඩ මුදල් ගෙවීමට සිදු වන බවත්, අධිකරණය හමුවේ පෙනී සිටීමට සිදුවීමෙන් විවිධ අපහසුතාවයන්ට හා දුෂ්කරතාවයන්ට ලක් වන බවත් වනජීවී නිලධාරීහු පෙන්වා දෙති.

වනෝද්‍යානයේ වෙසෙන කඳුකර ගෝනුන්ට ආහාර ලබාදීමට ඔවුන් සමීපයට යාමේදී එම සතුන්ගෙන් අනතුරු පවා  සිදු විය හැකි බැවින්, වනෝද්‍යානයේ ඇති නීතිරීති වලට අනුගත වෙමින් වනෝද්‍යානය තුළ  සංචාරයේ නියැලෙන  ලෙස   වනජීවී නිලධාරීහු සංචාරකයන්ගෙන් ඉල්ලා සිටිති.

ශාන් හුලංනුගේ

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.