Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

මෙරට තුළ ළමා ක්ෂය රෝගීන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර, ඉන් වැඩි සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය  චන්න ද සිල්වා මහතා අවධාරණය කරයි.

ඒ අනුව මේ වසරේ පළමු කාර්තුව තුළ රෝගී දරුවන් 59ක් වාර්තා වී ඇති අතර 2022 පළමු කාර්තුව තුළ රෝගී දරුවන් 49ක් වාර්තා වී තිබුණි. 2022 සමස්ත රෝගීන් ගණන 187කි.

විශේෂඥ වෛද්‍ය  චන්න ද සිල්වා මහතා පෙන්වා දෙන්නේ දරුවකුට මවු කුස තුළදීම  ක්ෂය රෝග කාරක බැක්ටීරියාව ආසාදනය විය හැකි බවත්,රෝගය හේතුවෙන් වසරකට අඩු දරුවන් ජීවිත අවදානමකට ලක්වන බවත්ය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තු පරිදි මෙරට සමස්ත ක්ෂය රෝගීන් ප්‍රතිශතයෙන් 08%ක් දරුවන් විය යුතු නමුත්  මෙරට හඳුනාගත් ළමා ක්ෂය රෝගී ප්‍රතිශතය 03%කට අඩුවෙනි.

ඒ අනුවළමා ක්ෂය රෝගීන් සොයා ගැනීමේ අඩුවක් පවතින බැවින් දරුවන් පිළිබඳ  වැඩි අවධානයක් යොමු කළ යුතුව ඇති බවද චන්න ද සිල්වා මහතා අවධාරණය කරයි.

විශේෂඥ වෛද්‍යවරයා පෙන්වා දෙන පරිදි වයස අවුරුදු 05 ට වඩා අඩු දරුවන්ට ප්‍රතිශක්තිය අඩු බැවින් රෝගය හේතුවෙන් ඔවුන්අවදානමට ලක්වන අතර, වයස වසරකට අඩු දරුවන්ටමොළය ආශ්‍රිත ක්ෂය රෝග වැලඳීම සිදුවිය හැකි සේම මිය යෑමද සිදු විය හැක.

මෙහිදී සාමාන්‍ය රෝග ලක්ෂණ ප්‍රචලිත නොවේ. කෙසේවුවද නිසි පරිදි බර වැඩි නොවීම, සාමාන්‍ය ප්‍රමාණයට වඩා බර අඩුවීම, නිතර පවතින කැස්සමෙන්ම සති 02-03 කට වඩා බෙල්ලේ ඉදිමුම් පැවතීම යනාදියරෝග ලක්ෂණ ලෙස පෙන්වා දිය හැකිය.

මේ අතර නිවසේ ක්ෂය රෝගියකු හෝ ක්ෂය රෝගය යැයි හඳුනා නොගත් නිවස තුළ සිටින අයගෙන්ම දරුවන්ට රෝගය බෝවීම බහුලව වාර්තා වන අතර,පාසල් හා පෙර පාසල්වලින් බෝවීම එතරම් දක්නට නොලැබෙන බවද සඳහන්ය. කෙසේවුවද ආශ්‍රිතයකු වූ නමුත් රෝගය වැලඳී නොමැති වයස 05 ට අඩු දරුවන්ට සංකූලතා‍ ඇතිවිය හැකිය.

එසේම රෝග ලක්ෂණ නොමැතිව දරුවාගේ සිරුරේ පැතිරී යා හැකි අතර ඉදිරියේදී රෝගය වැලඳීම වැළැක්වීමට නිර්දේශ කරන ඖෂධ ලබා දීම ඉතා වැදගත් බව විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා අවධාරණය කරයි.

මේ වනවිට මෙරට තුළ ක්ෂය රෝග පරීක්ෂාවට අවශ්‍ය නොමිලේ පහසුකම් සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ලබා දී ඇති අතර,සායනයකට දරුවකු රැගෙන යෑමට මැලි වන අයට ළමා රෝග සායන වෙන් කර තිබේ. ඒ අනුව සඳුදා ,බදාදා සහ සිකුරාදායන දිනයන්හි දරුවන් (වයස අවුරුදු 05 ට අඩු දරුවන්) සම්බන්ධයෙන් විශේෂ සායන රිජ්වේ ආර්යා ළමා රෝහලේ පැවැත්වෙන අතර සඳුදා දිනළමා හතිය, සිකුරාදා දින අනෙකුත් නිධන්ගත රෝග සහ බදාදා දින ක්ෂය රෝගය සඳහා ද වෙන් කර ඇත. ඒ අනුව වෛද්‍යවරයකුගේ යොමු කිරීමක් මත ඊට සහභාගී වන ලෙස විශේෂඥ වෛද්‍ය චන්න ද සිල්වා මහතා ඉල්ලා සිටී.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන පරිදි මෙරට තුළ බෝ වන රෝග හේතුවෙන් ශ්‍රී වසරකට ඉහළම සංඛ්‍යාවක්  ක්ෂය රෝගය හේතුවෙන් මිය යන අතර එම සංඛ්‍යාව 600කි. ඒ අනුව මෙරට ජනගහණයෙන් 25% ක් තුළ ක්ෂය රෝග කාරක විෂබීජය පවතින නමුත් ඔවුන් සියල්ලටම රෝගය වැලඳීමක් සිදු නොවේ. එසේම කොළඹ,ගම්පහ,කළුතර සහ නුවර යන දිස්ත්‍රික්කවලින් ක්ෂය රෝගීන් බහුලව වාර්තා වී ඇත.

සති දෙකකට වැඩි කැස්ස,හුස්ම ගැනීමේ අපහසුතා,කැස්ස සමග ලේ පිටවීම  ඇතුළු තවත් ලක්ෂණ තිබේනම් කඩිනමින් ප්‍රතිකාර වෙත යොමු විය යුතු අතර,'ප්‍රතිකාර ලබා ගැනීම කල් දැමීම' මරණයට හේතු විය හැකි බව වෛද්‍යවරු අවධාරණය කරති. ක්ෂය රෝගය සම්පූර්ණයෙන්ම සුව කළ හැකි රෝගයකි.

 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.