ළමා නිවාසවල දරුවන්ටත ජනපතිගෙන් අවුරුදු තෑගි
- 2024-04-13 17:17:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ළමා සංවර්ධන මධ්‍යස්ථානවල දරුවන්ට අවුරුදු තෑගි පාර්සල්
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රට පුරා පිහිටි ළමා සංවර්ධන මධ්‍යස්ථාන 336ක ආරක්ෂාව යටතේ සිටින දරු දැරියන් සඳහා අවුරුදු ත්‍යාග පාර්සල් බෙදාදීම අද (13) දිවයින පුරා සිදු කෙරිණි.
කොළඹ, කළුතර හා ගම්පහ දිස්ත්‍රික්කවල අද උදෑසන ආරම්භ වූ මෙම වැඩසටහන සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි අලුත් අවුරුදු රසකැවිලි හා ත්‍යාග පාර්සල් දරුවන්ට බෙදාදීම දවසපුරාම සිදු කරන ලදී.
නිවසින් හෝ ආදරණීය දෙමාපියන්ගෙන් බැහැරව සිටියත් සෑම දරුවකුටම අවුරුදු සතුට ලබාදීම වෙනුවෙන් “ළමා නිවාසවල සිටින දූ දරුවන්ටත් අවුරුදු” මැයෙන් ජනාධීපති කාර්යාලය, සිලෝන් බිස්කට් සමාගම ඇතුළු පෞද්ගලික අංශයේ අනුග්‍රහයෙන් මෙම වැඩසටහන සංවිධාන කර තිබිණි.
ජනාධිපතිවරයාගේ අලුත් අවුරුදු පණිවිඩය සමග රස කැවිලි හා ත්‍යාග පාර්සල් 10,000කට අධික ප්‍රමාණයක් දරුවන් අතර බෙදා දීම මෙහිදී සිදු කෙරිණි.
ජනාධීපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ මඟපෙන්වීමෙන් යුද හමුදාපති ලුතිනන් ජනරල් විකුම් ලියනගේ මහතාගේ අධීක්ෂණය යටතේ යුද හමුදාව විසින් ත්‍යාග පාර්සල් බෙදාදීම සිදු කරන ලදී.
ඒ අනුව මධ්‍යම පළාතේ මධ්‍යස්ථාන 40ක්, නැගෙනහිර පළාතේ මධ්‍යස්ථාන 57ක් , උතුරු මැද පළාතේ මධ්‍යස්ථාන 16ක්, උතුරු පළාතේ මධ්‍යස්ථාන 23 ක්, සබරගමුව පළාතේ මධ්‍යස්ථාන 19 ක්, දකුණු පළාතේ මධ්‍යස්ථාන 25ක්, ඌව පළාතේ මධ්‍යස්ථාන 14ක් හා බස්නාහිර පළාතේ මධ්‍යස්ථාන 106ක් ඇතුළු මධ්‍යස්ථාන 336ක් ආවරණය වන පරිදි මෙම අවුරුදු ත්‍යාග පාර්සල් බෙදා දීම සිදු කෙරිණි.
Reply To:
Name - Reply Comment
0 Comments