ළමුන් ආරක්ෂා කිරීමට ජුලි 01 දා සිට දැඩි නීති
- 2025-06-29 15:11:00
- 0 Comments
Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!
විදිවල සිගමනේ යෙදවිම, භාණ්ඩ අළෙවියේ යෙදවිම සහ ගෘහස්ථ සේවය ඇතුළු අන්තරයකාරි රැකියාවල ළමුන් යෙදවිමට අදාල නීති ලබන මස 01 වන දින සිට දැඩි ලෙස ක්‍රියාත්මක කිරිමට රජය තිරණය කර තිබේ.
ළමා අයිතිවාසිකම් ප්‍රඥප්තියට අනුව වයස අවුරුදු 18 ට අඩු පුද්ගලයෙකු ළමයෙකු වශයෙන් නිර්වචනය කරනු ලබයි.
නවතම සංඛ්‍යාලේඛනවලට අනුව රටෙ සමස්ත ජනගහනයෙන් සියයට තිහක් ළමා ජනගහනය ලෙස සැලකේ ඇතැම් ළමුන් විවිධ හේතුන් මත කුමන හෝ රැකියාවක් කිරිමට පෙළඹ ඇත.
ඇතැම් ළමුන් තම මව හෝ පියා සමග හෝ එසේ නොමැති නම් මිනිස් වෙළදාමේ ගොදුරක් ලෙස විදි දරුවෙකු බවට පත් වි තිබේ.
මේ අනුව වයස අවුරුදු 16 ට අඩු ළමුන් සිගමනේ යෙදවිම වෙළදාම්කටයුතුවල යෙදවිම හා වයස අවුරුදු 16 ත් 18 ත් අතර ළමුන් ගෘහ සේවය ඇතුළු අනතුරුදායක රැකියාවල යෙදවිම ලබන මස 01 වන දින සිට සපුරා තහනම් කිරිමට හැකිවන පරිදි දැනට පවතින නීතිමය විධිවිධාන දැඩි ලෙස ක්‍රියාත්මක කිරිමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මේ පිලිබදව ප්‍රචාරණ වැඩපිලිවෙක් තුලින් ජනතාව දැනුවත් කිරිමට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යංශය තිරණය කර ඇත.
Reply To:
Name - Reply Comment
0 Comments