Education every new parents knows the feeling nothing more than for everyone to get at some sleep.But at least you’ve got Google. start building your first prototype today!

Get in Touch

Address

06 Mymen KR. New York City

Phone

+02596 5874 59857

ශ්‍රී  ලාංකික ගෘහ නිර්මාණ ශිල්පයේ අති විශිෂ්ට නිර්මාණයක් වන මෙම ඇම්බැක්කේ දේවාලය උඩුනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා ඇත. මෙය ගම්පොල යුගයේ ඉදි කෙරැණු බව “ඇම්බැක්ක වර්ණනාව” නම් ග්‍රන්ථයේ සඳහන්ය. 
III වික්‍රමබාහු රජුගේ බිසව වන හෙණකඳ බිසෝ බණ්ඩාර හා රංවල නැමැති ගමේ බෙරවාදකයකු විසින් මෙම ස්ථානයේ තෙමහල් දේවස්ථානයක් සෑදූ බව ඉතිහාසයේ සඳහන් වේ. එහෙත් එහි කිසිදු කොටසක් දක්නට නැති මුත් විශිෂ්ට ලෙස කැටයම් කරන ලද දැව කණු මත පේකඩ හා හරස් බාල්ක යොදා රාජාධි රාජසිංහ රජුගේ කාලයේ ඉදි කරන ලද දැව කැටයම් සහිත දිග් ගෙය හා දේවාලය මෙහි දක්නට ලැබේ. 
ගෘහ නිර්මාණ සම්ප්‍රදායේ  ප්‍රෞඪත්වය විදහා දැක්වෙන වැදගත් ඉදිකිරීමකි ඇම්බැක්කේ දේවාලය.  මැද පිහිටි මහා දේවාලය හෙවත් වැඩ සිටින මාලිගය ලෙස හැඳින්වෙන ගර්භගෘහය දෙමහල් වන සේ නිමවා ඇත. මුදුන් වහලයේ පියස්සකි. පහත මාලයේ බිත්ති ආවරණය වීමට සතර පැත්තෙන් පියසි කොන් නිමවා ඇත. පහත මාලයේ  මුදුන් මාලය වෙන් කෙරෙනුයේ ලොකු දාදු කැටයක් මත ඊට ප්‍රමාණයෙන් කුඩා වූ දාදු කැටයක් තැබූ අයුරිනි.  
දිග්ගෙය, හේවිසි මඩුව යන නමින්ද හඳුන්වනු ලැබේ. හුණු මැටියෙන් කළ දෙව් මැදුරට යාබදව මෙම දැව කණු ශාලාව පිහිටා ඇත. මෙම දෙවොල ලී කැටයම් අතින් පමණක් නොව ලීයෙන් කළ දේවාලයේ පියස්ස ද විශ්වකර්ම නිර්මාණයකි. පරාල 26ක් එක ලී අැණයකින් සම්බන්ධ කළ මඩොල් කුරැපාව මෙහි ඇති විශේෂත්වයයි. වහල සෙවිලි කිරීමට භාවිත කර ඇත්තේ “පෙති උළු” නම්  විශේෂ උළු වර්ගයකි.  දිග්ගෙය අඩි දෙකහමාරක් පමණ උස් වූ අඩිතාලමක් මත තනා ඇත. මෙහි කැටයම් කළ  ගම්මාළු ලී කණු 32ක් වෙයි. කුලුනු හිසෙහි මුතුදැල් මෝස්තරයක් ද ඇත. කුලුනු පාද අටපට්ටම් ය. චතුරස්‍රය පෙන්වන තැන නාගබන්ධන හා ගැටලියපත් මෝස්තරය හඳුනාගත හැකිය. ඇම්බැක්කේ හේවිසි මඩුවෙහි පේකඩ මත නැංවූ තලාඳවල ද කැටයම් වැලකි.
ඇම්බැක්කේ දේවාලයේ කණු සඳහා යොදා ගෙන ඇත්තේ ඉතාම දුර්ලභ ලී වර්ගයක් වන ‘ගම්මාලු’ය. මෙහි කුලුනු විවිධාකාර කැටයම්වලින් අලංකාර කර තිබේ. 

0 Comments

Leave a Reply

Reply To:

Name - Reply Comment

Save my name, email, and website in this browser for the next time I comment.